හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරන්න : ආපදාවන් නිසා දිස්ත‍්‍රික් 19ක් ව්‍යවසනයට පත්වෙලා.- සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

අපි රටේ ඇති වෙච්ච හැම ව්‍යවසනයකදීම ඒ තැන්වලට ගිහිල්ලා මාස ගණන් වැඩ කරපු අය. රත්නපුර ගංවතුර වෙලාවෙදිත්, යුද්ධයෙන් අවතැන්වූ මිනිසුන් ආව ෂෙට්ටිකුලම් ප‍්‍රදේයටත් ගිහිල්ලා අපි මාස ගණන් නැවතිලා උදව් කෙරුව. අපි ඒ මැදිහත්වීම, අපේ වගකීමක් හැටියට සලකලා දිගටම කරනව. අපි වෘත්තිය අයිතිවාසිකම් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව පොරබදනව වගේ අපි ඒවත් කරනව.

මේ වන විට ස්වභාවික අපදාවන් නිසා බරපතල ව්‍යවසනයකට ජනතාව මූණ දීල තියෙනව. මාදිවෙල ප‍්‍රදේශයේ අපේ බෙහෙත් ගබඩාවක් යටවෙලා තියෙනව. ඒකෙ වටිනාකම කෝටි ගණනක් වෙන්න පුලූවන්. හමුදාව දාලා ඒක බේරගන්න උත්සාහ ගනිමින් ඉන්නව. ඒක සෞඛ්‍ය සේවය පැත්තෙන් බරපතල අලාභයක් හැටියට තමයි වාර්තා වෙන්නෙ.

මේවන විට මරණ සංඛ්‍යාව 55ක් කියල වාර්තාවුනත් ඒක වැඩිවෙන්න පුලූවන්. 160ක පමණ ප‍්‍රමාණයක් අරණායකදිම අතුරුදහන් කියන කාරණය වාර්තාවෙනව. මේ ගණන් මීට වඩා විශාල වෙන්න පුලූවන්. ලක්‍ෂ 4 1/2ක්, 5ක් පමණ ප‍්‍රමාණයක් මේ වනවිට ව්‍යවසනයට පත්වෙලා තියෙනව. කඳවුරුවල, ආසන්න වශයෙන් ලක්‍ෂ දෙකක් පමණ ඉන්නව කියලයි සෞඛ්‍ය අංශ පැත්තෙන් මෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වාර්තා වෙන්නෙ. මේ තත්ත්වයත් වර්ධනය වෙමින් පවතිනව.
පුත්තලම දිසත‍්‍රික්කයේ පළාත් සෞඛ්‍ය ලේකම්වරයට මේ පිළිබඳව කතා කෙරුව. පුත්තලම දිස්ත‍්‍රික්කයේ කඳවුරු 88ක් තියනව කියල තමයි ඔහු සඳහන් කෙරුවෙ. ඒ තැන්වල ජනතාව බොහොම දුෂ්කර විදිහට ජීවත් වෙනව.

ආණ්ඩුව මේ සඳහා මැදිහත් වීමක් කරනව. මුදල් වෙන්කරල දීල තියෙනව. නිලධාරි යාන්ත‍්‍රණය හරහා දැන් සහන දීමක් කරනව. ඒත් එම වැඩකටයුතුවල ප‍්‍රමාදදෝෂයක් තියෙනව. අඩුපාඩු තියෙනව. නමුත් වෙනදාට වඩා සැලසුම් සහගතව වැඩකටයුතු කරනව කියන එක පැහැදිලියි.  රජය මේ ව්‍යවසනයෙන් ජනතාව මුදාගන්න විශාල උත්සාහයක් ගන්නව. ඒක සරල, පහසු වැඩක් නෙමේ.

කෝටි 25 ක පමණ මුදල් පළමුවන අධියරේදී ආණ්ඩුව වෙන් කරල තියෙනව. මේක ප‍්‍රමාණවත් කියල අපි විශ්වාස කරන්නෙ නෑ. මීට වඩා විසාල මුදලක් මේ ව්‍යවසනයෙන් පීඩාවටපත් ජනතාවට වෙන් කරන්න වෙනව. මේ අයගෙන් බහුතරයක් ඇඳිවත විතරක් අරගෙන තමයි කඳවුරුවලට ඇවිත් තියෙන්නෙ.

එයාලගෙ සනීපාරක්‍ෂක කටයුතු, ආහාරපාන කිසිවක් කරකියාගන්න නැති තත්ත්වයක් තියෙන්නෙ. එම නිසා ඒ අයට දෛනිකව එයාලගෙ ජීවිතය පවත්වාගන්න අවශ්‍ය සියලූම දේවල් රජය විසින් සම්පාදනය කළ යුතුයි. ජනතාව මේ අවස්ථාවෙදි කැපවීමෙන් උදව් කරනව.

රජයේ සේවකයන්ගේ මැදිහත්වීම උදාසීනයි කියල අද සමහර පුවත්පත්වල තිබුණ. රජයේ සේවකයන්ගෙ අකාර්යක්‍ෂම තාව පැමිණිලි දෙදහස් ගණනක් මේ වන විට ලැබිල තියෙනව. රාජ්‍ය සේවකයන් අතර සහන කටයුතු ඉතා උනන්දුවෙන් කරන අයත් ඉන්නව. එසේ නොකරන අයත් ඉන්නව. ආපදා අවස්ථාවන්හිදි රාජ්‍ය යාන්ත‍්‍රණයට වැඩ කළ යුතු යම් යම් සීමාවන් තියෙනව. මූල්‍ය රෙකුලාසි, ඩෙන්ඩර් පටිපාටි, මුදල් ප‍්‍රතිපාදන වැනි කටයුතු හදිසි වැඩකටයුතුවලට හරස් වෙනව. කඳවුරක ඉන්න අයට ජීවිතේ පවත්වා ගැනීමට එදිනෙදා අවශ්‍යදේවල් දෙන්න පුළුවන්. නමුත් අවතැන්වෙලා වෙන අය ගෙවල්වල ඉන්නව නම්, පාරෙ තැන්තැන්වල ඉන්නව නම් ඒ අයගේ දෛනික ජීවිතය පවත්වා ගැනීම සඳහා ප‍්‍රතිපාදන වෙන්කිරීමේ හැකියාවක් නීත්‍යානුකූලව නැහැ. එයට සීමාකම් තියෙනව. ආණ්ඩුව මෙයට අවධානය යොමු කළ යුතුයි. මේකට තියෙන විසඳුම තමයි හදිසි ආපදා තත්ත්වයක් රට තුළ ප‍්‍රකාශයට පත්  කරන එක. ඒ පනතෙම තියෙනව ලිහිල් ප‍්‍රතිපත්තියක් මත අවශ්‍යතාවන් අනුව වගකීමෙන් කටයුතු කරීමට හැකියි කියල. අපි රජයට කියන්නෙ හදිසි ආපදා තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කරන්න කියල. දිස්ත‍්‍රික් 19ක් මේ ආපදාවන් නිසා වි්‍යවසනයට පත්වෙලා.
දියවැඩියාව, රුධිර පීඩනය වගේ රෝගාබාධයන් තියෙන අයත් මේ ආපදාවට ලක්වෙලා ඉන්නවා. ඔවුන් එක වේලක් බෙහෙත් ගත්තෙ නැතත්

ඔවුන්ගේ රෝග තත්ත්වයන් උත්සන්න වෙලා අනතුරකට මුහුණ දෙන්න පුළුවන්. ඔවුන්ට ගංවතුර මැද්දෙ කඳවුරු වලට එනවිට තමනගෙ බෙහෙත් අරගෙන එන්න පුලූවන්කමක්  තියෙන්න නැතිව ඇති. මේ ගැන වහාම අවධානය යොමුවිය යුතුයි.

සමහර විපක්‍ෂයෙ දේශපාලඥයො ආපදාව ගැන කතා කරනව වෙනුවට, දිගින් දිගටම ජාතිවාදය උත්සන්න කරන්න, ජාති වාදය යළි මතු කරන ආකාරයේ ප‍්‍රකාශ නිකුත් කරමින් ඉන්නව. රටේ ජනතාවගේ ව්‍යවසනය නෙමේ ඔවුන්ගෙ අංක එක. ඔවුන්ගෙ අංක එක මේ ව්‍යවසනය මැද්දෙ හරි රටේ ජනතාවගෙ ජාතිවාදි හැ`ගීම් අවුස්සල, තමන්ට කැමති ආණ්ඩුවක් ගෙන්න හදන එක. ඒක එච්චර සරල කාරණයක් නෙමෙයි. නමුත් එවැනි දේ මතුකිරීම ඉතාමත් බරපතලයි.

යුද්ධය අවසන් වූ දිනය, මැයි 19 උපයෝගි කරගෙන තමයි ඒ ගොල්ල මේ වටපිටාව හැදුවෙ. විමල් වීරවංශ කියපු කාරණයක් තමයි යාපනය විශ්වවිiාලයේ ඊලාම් සිතියම තියාගෙන විශ්වවිiාල කණ්ඩායම් ඉටිපන්දම් පත්තුකරනව කියල. ඒකට භාහිර අයත් සම්බන්ධ වෙලා තියෙනව කියල. ඇල්ලෙ ගුණවංශ හාමුදුරුවොත් ඉදිකට්ටකින් ඉරක් ගහලවත් රට බෙදන්න එපා කියල ආණ්ඩුවට තර්ජනයක් කෙරුව. ගෙවිඳු කුමාරතුංග සහෝදරයා ප‍්‍රකාශයක් කළා, ආණ්ඩුව වන්දි ගෙවන මුවාවෙන් එල්.ටී.ටි.ඊ. එකේ හිටපු අයටත් වන්දි ගෙවන්න සූදානම් වෙනව කියල. මුරුත්තෙට්ටුවෙ ආනන්ද හාමුදුරුවො කිව්වා සතිදෙකට පෙර තිබුණු ආරක්‍ෂාව නැවත නොදුන්නොත්, පාරට බැහැල ලොකු උද්ඝෝෂණයක් කරනව කියල. දැන් සතිදෙක පැනල. පන්සලට නඩු හින්දා දැන් බාගෙට පාරට වැටිල තමයි උන්නාන්සෙ ඉන්නෙ.
මේ ප‍්‍රකාශවල හරය ගත්තොත් ජාතික සංහිඳියාවට බරපතල ප‍්‍රශ්නයක්. අපේ රටට අවශ්‍ය දශක 3ක් තිස්සේ තිබුණ යුද්ධය නැවත ඇති කරගන්න නෙමේ. එවැනි යුද්ධයක් ඒම සම්පූර්ණයෙන්ම වලක්වා ගන්න. එවැනි යද්ධයක් නැවත ඒම වලක්වා ගත හැකි වන්නෙ, සිංහල, දෙමළ, මුසිලිම්, බර්ගර් යන අය ශ‍්‍රී ලංකිකයන් විදිහට හිතන රටක් නිර්මාණය කළහොත් විතරයි. කෝටි ගණන් වියදම් කරල, රණ විරුවන් සමරල ඒ සංහිඳියාව හදන්නත් බැහැ. උතුරෙ ඉලාම් සිතියම තියාගෙන පහන් පත්තු කරල ජාතික සංහිඳියාව හදන්නත් බැහැ. දෙගොල්ලම මේක තේරුම්ගත යුතුයි. ජාතික සංහිඳියාව හදන්න පුලූවන් වෙන්නේ මිනිසුන්ගේ සිත්සතන් තුළ ශ‍්‍රී ලාංකිකයන් විදිහට හිතන පරිසරයක් නිර්මාණය වුණොත්  පමණයි. ඒක කරන්න තාම අපි අසමත් වෙලා තියෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *