ඥානසාර බලකායේ තටු කපයි !

එක රටක් එක නීතියක් සඳහා ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ නායකත්වයෙන් පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ කාර්ය භාරය සීමාකොට නව ගැසට් නිවේදනයක් අද නිකුත් කොට ඇත.
ඒ අනුව නීති සමාලෝචනයට සහ නීති සැකසීමට එම බලකායට දී තිබු බලය ඉවත් කොට යෝජනා සකස් කිරීමට පමණක් එහි බලතල සීමා කොට තිබේ.
එම බලකාය සඳහා නව සාමාජිකයින් තිදෙනෙකු ද පත් කොට තිබේ.
