නිමල් ලන්සාගේ, කාවින්ද ජයවර්ධනගේ ඉඩම් ගොඩහේවා අල්ලාගෙන !

මුතුරාජවෙල අභය භුමිය අවට ඉඩම් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගනිමින් රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා මහතා විසින් නිකුත් කොට ඇති ගැසට් නිවේදනය මගින් රාජ්‍ය ඇමති නිමල් ලන්සා, විපක්ෂ මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන ඇතුළු විශාල පිරිසකගේ ඉඩම් ද පවරාගෙන ඇති බව හෙළිදරව් වෙයි.
මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ කරුණු දැක්වූ රාජ්‍ය ඇමති නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළේ තම පරම්පරාවේ ම ඉඩම් මෙම ගැසට් නිවේදනය මගින් පවරාගෙන ඇති බවයි.
ජනයා පරම්පරා ගණනක් පදිංචිව සිටින ඉඩම් පමණක් නොව පන්සල් පල්ලි සතු ඉඩම් ද ගොඩහේවා මහතා පවරාගෙන ඇති බව ලන්සා මහත් කී ය.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා කීවේ තම පවුලේ ඉඩම් ද මෙම ගැසට් නිවේදනය මගින් පවරාගෙන ඇති බව යි.
තමන්ට දැනටමත් ගමට යා නොහැකි තත්ත්වයක් පවතින බවත්, ඉදිරියේ දී නායකයින්ට ද ගමට යන්න නොහැකි වන බවත් කී රාජ්‍ය ඇමති ලන්සා මහතා කීවේ තවත් නැති ලෙඩ දා ගන්නේ නැතිව අදාළ ගැසට් නිවේදනය ඉවත් කරගත යුතු බව යි.
