කොවිඩ් මරණ 13,000 ඉක්මවයි ; අද මරණ 55 යි ; නව ආසාදිතයින් 855 යි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 55 ක් තහවුරු කිරීමත් සමග මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,000 ඉක්මවා ගියේ ය. අද සවස එය සටහන් වුයේ 13,019 ක් වශයෙනි.
රජය අද කළ නිවේදනයට අනුව මෙරටින් අද දිනයේ අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 855 කි.
ඒ අනුව මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 519,630 ක් වශයෙනි.
