ආණ්ඩුව කාගෙද? අනුර සූරියබණ්ඩාර 

” බත් දුන් පියා එදා සහ අද ” යනුවෙන් පෝස්ටුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. එදා බත් දුන් පියා ඩඩ්ලි (  සේනානායක ) ය . මෙදා බත් දුන් පියාත් ඩඩ්ලි (  සිරිසේන ) ය. පරහ වන්නේ එදා ඩඩ්ලි නොමිලයේ සහල් දුන් අතර මෙදා ඩඩ්ලි වැඩ් මිලට සහල් දීමය. සහල් ප්‍රශ්නයේදී ඇතැම් අය ආණ්ඩුව ගෝඨාභයගේ ද නැතිනම් ඩඩ්ලිගේද යනුවෙනුත් ඇසූහ. සහල් සම්බන්ධයෙන් පමණක් නොව , කිරි පිටි , සීනි , ගෑස්  සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය. හෙට අනිද්දා වන විට ඩඩ්ලි පන්නයේ ” කිරි දුන් පියා ” , ” සීනි දුන් පියා ” , ” ගෑස් දුන් පියා” ත් බිහිවන්නට පුළුවන.

සහල් ප්‍රශ්නයේදී ඇතැම් අය ආණ්ඩුව ගෝඨාභයගේ ද නැතිනම් ඩඩ්ලිගේද යනුවෙනුත් ඇසූහ. සහල් සම්බන්ධයෙන් පමණක් නොව , කිරි පිටි , සීනි , ගෑස්  සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය. හෙට අනිද්දා වන විට ඩඩ්ලි පන්නයේ ” කිරි දුන් පියා ” , ” සීනි දුන් පියා ” , ” ගෑස් දුන් පියා” ත් බිහිවන්නට පුළුවන. 

පවතින තත්ත්වය අනුව කෙනකුට රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ගොස්ද යන සැකයක් පවා ඇතිවිය හැකිය. හේතුව බඩුමිල පාලනය ඇතුළු බොහෝ කරුණු ආණ්ඩුවේ පාලනයෙන් මිදී ඇති බව පෙනීමය.

නිදසුනක් වශයෙන් ,  සතොස ආයතනයේ වංචා වාර්තා කළ ; ලංකාදීප , දිවයින සහ අයිලන්ඩ් පුවත් පත් වල මාධ්‍යවේදීන් සීඅයිඩී යට කැඳවීම සඳහන් කළ හැකිය. එම කැඳවීම ගැන ජනමාධ්‍ය ඇමැති කනගාටු වේ. පොලිසිය බාර රාජ්‍ය  ඇමැතිට ඒගැන සොයා බලන්නට සිදුවේ. පොලිස්පතිවරයා ඊට සමාව ඉල්ලාසිටී. මාධ්‍යවේදීන් හතරවන තට්ටුවට කැඳවීම පොලීසියේ සම්ප්‍රදාය නොවන බවද කියනු පෙනිණ. පොලිසිය බාර ඇමැතිවරයා හෝ  පොලිස්පතිවරයා හෝ නොදැන පොලීසියේ සම්ප්‍රදායද ඉක්මවා කටයුතු කරන පිරිසක් පොලිසිය තුළ සිටින බව ජනතාව ඒ අනුව පිළිගත යුතුද ? බරපතළම ගැටලුව වන්නේ, අගමැතිවරයාගේ දැනුම් දීමද නොතකා පොලීසිය මාධ්‍යවේදීන් සොයා පුවත්පත් ආයතනවලටද ගොඩවීමය. එයින් පෙනෙන්නේ ; අගමැති , රාජ්‍ය ඇමැති , පොලිස්පති යන සියල්ලන් ඉක්මවා පොලිසිය කටයුතු කරන බවද ?

නිදසුනක් වශයෙන් ,  සතොස ආයතනයේ වංචා වාර්තා කළ ; ලංකාදීප , දිවයින සහ අයිලන්ඩ් පුවත් පත් වල මාධ්‍යවේදීන් සීඅයිඩී යට කැඳවීම සඳහන් කළ හැකිය. එම කැඳවීම ගැන ජනමාධ්‍ය ඇමැති කනගාටු වේ. පොලිසිය බාර රාජ්‍ය  ඇමැතිට ඒගැන සොයා බලන්නට සිදුවේ. පොලිස්පතිවරයා ඊට සමාව ඉල්ලාසිටී. මාධ්‍යවේදීන් හතරවන තට්ටුවට කැඳවීම පොලීසියේ සම්ප්‍රදාය නොවන බවද කියනු පෙනිණ.

මාධ්‍යවේදීන් රහස් පොලීසියට කැඳවනු ලැබ ඇත්තේ බන්ධුල ගුණවර්ධන ඇමැතිවරයාගේ පැමිණිල්ලකට අනුව බව කියැවේ. ඒ අනුව පොලීසිය සම්ප්‍රදායන්ද ඉක්මවා බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිට ඇතිබව පැහැදලිය. එතැනදී පොලිසියේ විනය පිළිබඳ ගැටලුවක්ද මතුවේ. ඒගැන කටයුතු කරන ආකාරය පොලිසිය බාර රාජ්‍ය ඇමැතිවරයා හෝ පොලිස්පතිවරයා දරන අදහස සහ ගනුලබන ක්‍රියාමාර්ග මෙතෙක් පැහැදිලි කර නැත.

කිතුනු දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට නාවික හමුදා සාමාජිකයකු කළ  දැනුම්දීමද තවත් පටලැවිල්ලකි. පොලිසිය බාර රාජ්‍ය  ඇමැති කියන ආකාරයට එය අභ්‍යාසයකි. අප දන්නා තරමින් එය අභ්‍යාසයක් බව නාවික හමුදාව මෙතෙක් පවසා නැත. නිවැරදි ආකාරයට නම් ප්‍රවෘත්තිය පළවූ වහාම එය නාවික හමුදාව විසින්  නිවැරදි විය යුතුව තිබිණ. ත්‍රස්ත ප්‍රහාරය දැනුම්දීමට පැමිණි නාවික සෙබළුන් ඒබව දැනුම්දුන්නේද වගකීම් විරහිත ආකාරයට කාන්තාවකටය.අවම වශයෙන් දේවස්ථානය බාර පියතුමාට හෝ නොවේ. අපට වැටහෙන ආකාරයට නම් ප්‍රහාරයක් පිළිබඳ තොරතුරක් ලැබුණේනම්  ආරක්ෂක අංශ, ප්‍රදේශයේ පොලිස් ස්ථාන ආදිය ඒ ගැන මුලින්ම දැනුවත් කළ යුතුය. එවැන්නක් සිදුව ඇතැයි දැනගන්නට නැත.   නාවික හමුදාව අවම වශයෙන් කාදිනල් තුමාවත් දැනුවත් කර නැතැයි කියැවේ. බරපතළම කරුණ ප්‍රහාරයක් එල්ලවිය හැකියැයි පැවසුණු දේවස්ථානවලට ⁣ආරක්ෂාව සපයන්නට අදාළ අංශ කටයුතු කර නොමැති බව දැනගන්නට ලැබීමය.

කිතුනු දේවස්ථාන ප්‍රශ්නය එතැනින් අවසන් නැත.පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ ගලගොඩඅත්තේද ත්‍රස්ත ප්‍රහාරයක සූදානමක්ගැන හෙළිදරව් කළේය. රථ පෙළපාලියේ ගිය ගුරුවරුන් පොලීසියට  කැඳවන්නට ඇති උනන්දුව ගලගොඩඅත්තේ කළ හෙළිදරව්වගැන සොයාබලන්නට පොලිසිය බාර රාජ්‍ය අමාත්‍යවරයාට නැත. බරපතළම ගැටලුව ත්‍රස්ත ප්‍රහාර සූදානම සම්බන්ධ සියලු තොරතුරු තමා සතුබව ගලගොඩඅත්තේ පැහැදිලිව කියද්දීත් අදාළ තැනැත්තන් සහ කුමන්ත්‍රණය  සම්බන්ධව පියවරක් නොගැනීමය.ගලගොඩඅත්තේ පවසන තොරතුරුහ සත්‍යනම් ඔහු වඩාත් ගැලපෙන්නේ සිවුරට නොව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයටය. රියාර් අද්මිරාල්ට ඒ සම්බන්ධයෙන්ද ඉක්මන් තීරණයක් ගන්නට පුළුවන.

කිතුනු දේවස්ථාන ප්‍රශ්නය එතැනින් අවසන් නැත.පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ ගලගොඩඅත්තේද ත්‍රස්ත ප්‍රහාරයක සූදානමක්ගැන හෙළිදරව් කළේය. රථ පෙළපාලියේ ගිය ගුරුවරුන් පොලීසියට  කැඳවන්නට ඇති උනන්දුව ගලගොඩඅත්තේ කළ හෙළිදරව්වගැන සොයාබලන්නට පොලිසිය බාර රාජ්‍ය අමාත්‍යවරයාට නැත. බරපතළම ගැටලුව ත්‍රස්ත ප්‍රහාර සූදානම සම්බන්ධ සියලු තොරතුරු තමා සතුබව ගලගොඩඅත්තේ පැහැදිලිව කියද්දීත් අදාළ තැනැත්තන් සහ කුමන්ත්‍රණය  සම්බන්ධව පියවරක් නොගැනීමය

වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ රාජ්‍ය ආරක්ෂාව , බුද්ධි අංශ දුර්වලවී ඇතැයි පවසමිනි. දැන් පෙනෙන්නට ඇති ආකාරය අනුව බුද්ධි අංශ පෙරටත් වඩා දුර්වලය. බුද්ධි අංශ වලට ලැබිය යුතු රහස්‍ය තොරතුරු බුද්ධි අංශවලට පෙර ගලගොඩඅත්තේට ලැබීමෙන් ඒබව තහවුරු වේ. කටුනායක ගුවන්තොටට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ලැබුණු ඊමේල් පණිවිඩය ව්‍යාජයක්බව ආරකෂක ලේකම් කියූ නමුත් එයට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගත්බවක් මෙතෙක් දැනගන්නට නැත.

⁣ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය. අදාළ තැනැත්තා නිවෙසේ සිටත් දත්ත මකා ඇති බව නියාමන අධිකාරිය බාර රාජ්‍ය ඇමැතිවරයා පවසනු පෙනිණ. එතරම් වැදගත් දත්ත සමූහයක් සේවකයකුට නිවසේ සිටත් මැකිය හැකිනම් ආරක්ෂාවේ තරමගැන වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. දත්ත ගබඩාකිරීමේ දුර්වලතාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාටද ඇඟිල්ල දිගුවනු පෙනිණ. හිටපු ඇමැති ගෙදර ගොස් දැන් වසර දෙකකටත් ආසන්න කාලයකි. පැරණි ඇමැතිවරයාගෙන් සිදුවූ වැරැද්ද නිවැරැදි කරන්නට වත්මන් ඇමැතිවරයාට හෝ රාජ්‍ය ඇමැතිවරයාට හෝ ⁣වසර දෙකක් තිස්සේ නොහැකි වී තිබේ. ඒ වරද හිටපු ඇමැතිගේ නොව වත්මන් ඇමැතිවරුන්ගේමය.

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය. අදාළ තැනැත්තා නිවෙසේ සිටත් දත්ත මකා ඇති බව නියාමන අධිකාරිය බාර රාජ්‍ය ඇමැතිවරයා පවසනු පෙනිණ. එතරම් වැදගත් දත්ත සමූහයක් සේවකයකුට නිවසේ සිටත් මැකිය හැකිනම් ආරක්ෂාවේ තරමගැන වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. දත්ත ගබඩාකිරීමේ දුර්වලතාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැතිවරයාටද ඇඟිල්ල දිගුවනු පෙනිණ. හිටපු ඇමැති ගෙදර ගොස් දැන් වසර දෙකකටත් ආසන්න කාලයකි. පැරණි ඇමැතිවරයාගෙන් සිදුවූ වැරැද්ද නිවැරැදි කරන්නට වත්මන් ඇමැතිවරයාට හෝ රාජ්‍ය ඇමැතිවරයාට හෝ ⁣වසර දෙකක් තිස්සේ නොහැකි වී තිබේ. ඒ වරද හිටපු ඇමැතිගේ නොව වත්මන් ඇමැතිවරුන්ගේමය.

හිටපු ඇමැතිවරයා වරදක් කර ඇත්නම් කළ යුතු වන්නේ  චෝදනා කරමින් කල්ඇරීම නොව , ඔහුට විරුද්ධව විනිවිද පෙනෙන ආකාරයට නීතිමය පියවර ගැනීමය. එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත. හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී , වත්මන් රාජ්‍ය ඇමැතිවරයා විශාල වශයෙන් මුදල් උපයා ඇතැයි කියනු පෙනුණි. ඊට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩු පක්ෂයෙන්, හිටපු ඇමැතිට නැව් ඇති කතාවක් කීවේය.එහෙත් හිටපු ඇමැතිටවත් වත්මන් රාජ්‍ය ඇමැතිටවත් විරුද්ධව පරීක්ෂණ නැත. මාර්ග සංවර්ධනයේදී යහපාලන සමයේ අක්‍රමිකතා සිදුව ඇති බවත් ” පවු කියා ” ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නා බවත් එක් ඇමැතිවරයෙක් ප්‍රසිද්ධියේ කීය. ඒ අයට මේ අය පවු කියන විට ජනතාවට පවුම පවුය. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙන ආකාරය අනුව පොලීසිය විත්තිකරුවන් පසුපස හඹා යනවාට වඩා වේගයෙන් සාක්ෂිකරුවන් ලුහුබඳින බවක් පෙනේ. මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සීඅයිඩීයට කැඳවීමෙන් ඒබව තහවුරු වේ. සුදු ලූනු වංචාව සොයනු වෙනුවට ඒ ගැන ලියූ මාධ්‍යවේදීන් පිළිබඳ සෙවීමත් එහිම දිගුවකි. කිරි පිටි,  සීනි පෝළිම්වල සිටින ජනතාව ආණ්ඩුවක් නැතැයි කරන චෝදනාව පිළිගන්නට එබැවින් සිදුවේ.

අනුර සූරියබණ්ඩාර

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *