රසායනික පෝර නැතිව ලෝක ජනගහනය පෝෂණය කළ නොහැක- ගාමිණි වියන්ගොඩ

Gamini-Viyangoda-Colombo-Telegraphදැන් රට තුළ පොහොර පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇත. පොහොර ප්‍රශ්නයේ තිබෙනවා පැති තුනක්. එක පැත්තක් තමයි දැනට පොහොර සහනාධාරය වෙනුවට මුදල් ලබාදීම. ඉස්සර දුන්නේ පොහොර කිසියම් ප්‍රමාණයක්. දැන් ඒ වෙනුවට මුදල් දීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගී ඇත. අනික් එක තමයි රසායනික පොහොර. බහුජාතික සමාගම්වල කුමන්ත්‍රණයක් නිසා සිද්ධවන එකක් කියන අදහස මේ සමග බැදී ඇත. අපි මේ බහු ජාතික සමාගම්වල උගුලකය අසුවී සිටින බව ඒ අය කියති. ඒ නිසා මේ රසායනික පොහොර වලින් මිදෙන්න ඕනේ කියන අදහස ඔවුන් ප්‍රචලිත කරන බව පෙනේ. මේ ප්‍රශ්න තුන තුන් ආකාරයක් ගනී. පොහොර බෑග් එක වෙනුවට මුදල් දීම දේශපාලන තීන්දුවකි. අපි ඒක ගැන වෙනම බැලිය යුතුය. කොපමණ යෝග්‍ය ද නැත් ද කියන එක වෙනම බැලිය යුතු ප්‍රශ්නයකි. එහි දී හුගක් ගොවියෝ හිතන්න පුළුවන් ඒක සුදුසු නෑ කියලා. ඒ දෙන මුදලින් අවශ්‍ය පෝර ප්‍රමාණය ගන්නට නොහැකි යැයි ඔවුන් හිතන්නට පුළුවන. හිතලා ඒ අය ඒක එපා කියන්නට පුළුවන. තවත් අය එහෙම දීම හොඳයි කියන්නට ඉඩ තිබේ. අපිට උවමනා පොහොර වර්ගයක් තෝරා ගන්නට පුළුවන් කියලා ඒ අය සතුටු වියහැක.

දැන් ආණ්ඩුවේ මතය වෙන්නේ ඒක ය. අපි සල්ලි දෙනවා ඔයගොල්ලෝ තෝරාගන්න ඕනෑ පොහොර වර්ගය. එතන දි ගොවියාට අවශ්‍ය දේ ගන්නට නිදහස ලැබේ. ඒක හොඳ පැත්තකි. කොහොම හරි මා පෙර කියූ ලෙස ඒක දේශපාලනික කාරණයක්. ඊ ළගට බහුජාතික සමාගම් විසින් කෙරෙන ක්‍රමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා තමයි මේ රසායනික පොහොර ඇබ්බැහිය කියන එක තවත් දේශපාලන කාරණයකි. එතන එහෙම දෘශ්ටිවාදයක් ඇත. එයින් කියන්නේ පොහොර සමාගම් සියල්ලම බහුජාතික සමාගම්. ඒවාට අපි දැන් වහල්ලු වෙලා තියෙනවා කියන කථාව. ඒ කථාව පිළිගන්නට අමාරුයි කියන්නේ පොහොර සමාගම් බහුජාතික සමාගම් නොවන නිසා නොව බහුජාතික සමාගම් තමයි අද ලෝකයම හසුරුවන්නේ. එතකොට අපි පාවිච්චිකරන සෑම දෙයක්ම පාහේ මේ බහුජාතික සමාගම්වලින් මිලදී ගන්නා ඒවා ය. අපි යාන වාහන පාවිච්චි කරනවා. ඒවා බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන ඒවා වේ. මේකේ දී ඇත්තටම අපි සැළකිල්ලට ගතයුත්තේ අර තුන්වෙනි කාරණය වේ. ඒ කියන්නේ රසායනික පොහොර වලින් ඔය කියන තරමට අර කාබනික පෝරවලට වැඩි ය ආරක්ෂාවක් තිබෙනවා ද, ඒක කොපමණ දුරට ප්‍රායෝගික ද? කියන එක. ආරක්ෂාවක් තියෙනවාද කියන එකේ දී රසායනික පොහොර වල විස තියෙනවා. ඒක කවුරුත් පිළිගන්නවා. පොහොර කියන්නේම විසක් සහිත දෙයකි. ඒ කියන්නේ පොහොර වලින් කරන්නේ, අනවශ්‍ය දේවල් විනාශ කරලා යම් යම් දේවල් සරුකරන එක ය. ඒ නිසා රසායනික සංයෝග මුසුකරලා ඒක කළාම කොහොමත් විෂ තත්ත්වයක් තිබේ. කාබනික පෝර කියන්නේත් විසක් තමයි. හැබැයි ස්වභාවයේ දේවල් මතයි ඒක සිදුවි තිබෙන්නේ. ඒකේ විස මට්ටම රසායනික පෝරවල මට්ටමට වඩා අඩුවිය හැක. ඊ ළග ප්‍රශ්නය තමයි රසායනික පෝරවලට දැනට විද්‍යාත්මක පරියේෂණ කරලා හැකිතාක් අර හානිය අවම කර ගැනීමට උපරිම උත්සාහය දරලා තිබෙනවා. එපමණක් නොව තවමත් විද්‍යාත්මක පර්යේෂණ සිදුකරයි. කාබනික පෙහොරවල එහෙම පරික්ෂණයක් බරපතල ලෙස සිදු නොවේ. හේතුව වෙන කිසිදෙයක් නිසා නොව පර්යේෂණ සිදුවන්නේ ද වෙළඳපොල පදනම් කරගෙන ය.

එතකොට රසායනික පොහොර ලෝක ව්‍යාප්තව ඇත. අද ලෝකයේ කෘෂිකර්මාන්තයෙන් රසායනික පොහොර 99.9% විතර ප්‍රමාණයක් භාවිතා වේ. 1%කටත් අඩු ප්‍රමාණයක් තමයි ඔය කාබනික පොහොර වලින් වගා කරන්නේ. එතකොට රසායනික පොහොර සඳහා වන වෙළඳපොල අතිවිශාල නිසා විද්‍යාත්මක පරික්ෂණ කෙරෙනවා හැකිතාක් ඒකේ කාර්යක්ෂමතාවය වැඩිකරගන්නට. පළදාව වැඩිකරගන්නට සහ හානිය අඩුකර ගන්නට. එහෙම එකක් කාබනික පොහොරවල සිදුවන්නේ නැත. ඉතින් ඒ නිසා මේ කාබනික පොහොර ඉතා ස්වාභාවිකයි. ඒක අර වගේ විෂ නෑ කිව්වාට අපි ඒ ගැන හරියට දන්නේ නැත. රසායනික පෝර ගැන යම් අවබෝධයක් අපිට තිබේ. නමුත් කාබනික පොහොර ගැන අන්ධකාරයේ අපි තවම ඉන්නේ. දැන් ඒ කාරණා දෙක පැත්තක තිබ්බාට පසු බලන්නට ඕනේ රසායනික පොහොර නැතිව කාබනික පොහොර වලින් අපිට පුලුවන් ද මේ කියන විදියට ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය ආහාර පාන සපයන්නට. මේක තමයි වැදගත්ම ප්‍රශ්න ය. අර අනික් ප්‍රශ්න සේරම ද්වීතියික ප්‍රශ්න වේ. බහුජාතික සමාගම් ද මේවා කරන්නේ, පොහොර වෙනුවට සල්ලි දෙනවා ද? යන්න ද්වීතික ප්‍රශ්න වේ. මේකෙන් පුළුවන් ද ලෝකය පැත්තක තිබ්බත් අඩුම ගණනේ ලංකාවට කන්නට දෙන්නට පුළුවන් ද? මගේ උත්තරය වන්නේ බැහැ කියන එකයි. ඒක පිළිබඳව කිසිම සැකයක් නැත. දැනට විද්‍යාවෙන් සොයාගෙන තිබෙන කරුණු මත මොන ආකාරයෙන්වත් කාබනික පෝර වලින් ලෝකය නඩත්තු කරන්නට නොහැක. ලෝක ජනගහනය පෝෂණය කරන්නට නොහැක.

 

එක පැත්තකින් අපි උදාහරණයකට ගතහොත්, රසායනික පොහොර ඇවිල්ලා බෙහෙත් වැනි දෙයකි. බෙහෙත් පෙත්තක් නැත්නම් කරලක් යනු රසායනික සංයෝගයකි. හැබැයි ඒක ඇතුලේ ස්වභාව ධර්මයෙන් ගත්ත ඖෂධීය දේවල් තිබේ. ඒකේ සාරය කැටිකරලා තමයි මේකට අරගෙන තියෙන්නේ. යම් කිසි කෙනෙක් කියන්නට පුළුවන් ඒක රසායනිකයි කියලා. එයට වැඩිය හොඳයි ස්වාභාවිකව ඒක ගන්නවා නම් කියලා යමෙකුට කියන්නට පුළුවන. මේ බෙහෙතේ තිබෙන ඖෂධීය සාරය ගන්නට පුළුවන. එතකොට මේ අපිට ඖෂධ ගුලි දසදහස් ගණනක් ගිලින්නට වෙනවා නොඅනුමාන ය. නමුත් අපිට ඒක එසේ කරන්නට නොහැක. එසේ කරන්නට බැරි නිසා තමයි අර රසායනික බෙහෙත් පෙත්ත අපි ගන්නේ. රසායනික පොහොරත් ඒ වගේ තමයි බැලුවාම. කාබනික පොහොරවල ස්කන්ධය වැඩි ය. නමුත් රසායනික දේ එයට වඩා හුගක් අඩුවට සකස් කරලා තිබෙන්නේ. මේක පොහොර සම්බන්ධයෙන් පමණක් නොවෙයි වල් පැළැටි නාෂක වශයෙන් ද, එතකොට කෘමිනාශක වශයෙන් ද, සියලුම දේට රසායනික ප්‍රමාණය කැටිකරලා තමයි හදලා තිබෙන්නේ. ඒකේ පහසුවක් ද තිබේ.
ඊ ළග කාරණය තමයි ඵලදාව. පලදාව අතින් ගත්කළ රසායනික පොහොරවල සහ කාබනික පොහොර අතර පරතරය ගතහොත් එකට පහකටත් වැඩි ය. ඒ වගේ විශාල පරතරයක් තිබේ. සමහර විට ඔය අනුපාතය වෙනස් වෙන්නට පුළුවන. හැබැයි කොයි ආකාරයට වෙනස් වූවත් මේ දෙක අතර අනුපාතය ඉතා විශාලය.

දැන් අපි බලන්නට ඕනේ රටකට පළදාවේ වෙනසක් තිබෙන විට හා එක් ක්‍රමයකට අනුව පලදාව අඩු නම් රටක ජනතාව පෝෂණය කරන්නට පුළුවන් ද යන්න. නොබෙල් ත්‍යාග ලාභි කෘෂිරසායන විද්‍යඥයෙකු වන නෝමන් බර්ලොග් මහාචාර්යවරයා කියන ආකාරයට මේ පෘථිවියේ ස්වාභාවික පසේ නයිට්රේට් තියෙන්නේ බිලියන 4ක ජනගහණයක් නඩත්තු කරන්නට පමණි. දැන් ලෝකයේ ජනගහනය බිලියන 7ක් පමණ ඇත. ඒ බිලියන 7න් බිලියන දෙකක් ඉන්නේ දරිද්‍රතාවයේ පහල මට්ටමේ ය. මේකේ තේරුම වන්නේ අපිට තාමත් බැරිවෙලා තියෙනවා මේ පවතින ලෝක ජනගහනය ආහාර වලින් පෝෂණය කරන්නට. ඒ අර රසායනික පොහොරත් යොදාගෙන කෘෂිකර්මය කරන අතරතුර ය. දැන් අපි කාබනික පොහොරවලට ගියොත් තත්ත්වය මොකද්ද? අර ඉස්සෙල්ලා අනුපාතය අනුව ගත්තාම මේ බිලියන දෙක සමහර බිලියන 4ක් 5ක් වෙන්නටත් පුළුවන. පෘථිවියේ සරුසාර ප්‍රදේශ කාර්මීකරණය යටතේ විනාශවන විට මේ ඉඩම් ප්‍රමාණය තවත් අඩුවේ.

දැන් ජනගහන විද්‍යාඥයින් ඇත්තමේන්තු කරලා තියෙනවා 2050 වෙනවිට ලෝක ජනගහනය බිලියන 11ක් වන බව. එවිට දැන් ඉන්න ප්‍රමාණයට තවත් බිලියන 4ක් එකතු වේ. එතකොට තවත් ක්ෂුක්ෂම කරන්නට වෙනවා අස්වැන්න ලබාගැනිමේ ක්‍රමවේද. එතකොට මේ රසායනික පොහොරම තමයි මෙයිටත් වඩා දියුණු කරන්නට වෙන්නේ. දැන් කාබනික පොහොර යොදාගෙන යන අංශයක් තිබෙනවා කෘෂි කර්මයේ. හැම රටකම ඒක තියෙනවා. ලංකාවේ පමණක් නොවේ. ලංකාවෙත් සමහර ගොවියෝ මෙන්ම ගෙවතු වගාවක් හැටියට මේක කරන්න පුළුවන. ඒ වගේම තවත් ගොවියන්ට විශේෂ වු තමන්ගේ ගොවි පොළක් හදාගෙන එහෙම දෙයක් කරන්නට පුළුවන. හැබැයි එයාගේ නිෂ්පාදනයට යන වියදම ඉතාම අධිකය. ඒ නිෂ්පාදන වියදම අධික වෙන්නේ යෙදවීමේ මිල වැඩි නිසා නොවේ. සමහර විට රසායනික පොහොර වලට වඩා ගොම පොහොර ලාභ වන්නට පුලුවන. නමුත් අර තරම් ඵලදාව ලැබෙන්නේ නැත. එතකොට උදාහරණයක් ලෙස රසායනික පොහොර දාලා බුසල් 150 පමණ ගන්න විට කාබනික පොහොර දාලා ගන්නට පුලුවන් වෙන්නේ බුසල් 40නම් අර එක බුසලකට යන වියදම වැඩියි කියලා අපිට සළකන්නට සිදුවේ. අපිට ඉඩම් සීමිත ප්‍රමාණයයි තිබෙන්නේ. ඒ ඉඩම් ප්‍රමාණයෙන් අරන් තිබෙන්නේ අඩු ඵලදාවකි. ඒ අනුව පෙනෙනවා එක ඒකකයට වැඩියෙන් වැයකරන බව. ඒක වෙළඳ පොලට යනවිටත් විශාල මුදලක් වේ. උදාහරණයකට සාමාන්‍යයෙන් හාල් කිලෝවක් රුපියල් 60 වනවිට මේ ආකාරයට හදන හාල් කිලෝවක් රුපියල් 250ක් 300ක් පමණ වේ. ඒ ආකාරයේ වෙනසක් තියෙන්නේ. ඉතින් ඒක නිසා එහෙම බැලුවත් අර ජනගහනය පෝෂණය කරන්නට නොහැක. අනික් පැත්තෙන් සමාජ සාධාරණත්වය පැත්තෙන් ගතහොත් මම එකගයි යම් කිසි පිරිසක් කාබනික වගාව කරනවාට. උදාහරණයක් ලෙස යුරෝපයේ අද මුලු ගොවි තැනෙන් 2%ට අඩු ප්‍රමාණයක් තමයි කාබනික පොහොර යොදා කෘෂිකර්මයේ යෙදෙන්නේ. ඒකට හරියන්නට වෙළඳ පොලක් ද තිබේ. ඒ වෙළඳ පොල හරි සශ්‍රිකය. ඒ වෙළඳ පොල එසේ තිබීම යහපත් ය. මා එසේ කියන්නේ මුදල් වැඩියෙන් තිබෙන අය සිටිති. උදාහරණයක් ලෙස මම හාල් කිලෝවක් රු 60ට ගන්නවා මගේ ක්‍රය ශක්තිය හැටියට. මම විරුද්ධයි අර ලක්ෂයක ආදායමක් තිබෙන එක්කෙනාත් ඒ හාල් සේරුව රුපියල් 60ට ගන්නවා ට. ඒ නිසා මම කැමතියි එයාට පුලුවන් නම් රුපියල් 350ට හාල් ගන්නවා නම් මම කැමති ය. එයත් කැමතියි ඒකට. ඒකෙන් එයාගේ සමාජ තත්ත්වය ද, අතමිට සරුකම ද, යන සියලුම දේවල් පෙන්නන්න එයාත් කැමති ය. එයාට හරියන්නට කාබනික පෝර දාලා වැඩි මිලකට හාල් කිලෝව නිෂ්පාදනය කලාට මට ප්‍රශ්නයක් නැත. හැබැයි යම් අයෙක් යෝජනා කරන්නේ නම් එම හාල් නිෂ්පාදනය කළයුතු බවට. අපි ලෑස්ති නෑ Cදැනට තියෙන පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙන්නේ අර විදියට කරනවා නම් රු 350කට හාල් කිලෝවක් ගන්නට වේ. ඒ නිසා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර කියන එක ඉතාමත් ප්‍රායෝගික නොවන හුදෙක් සිහිනයක් පමණි. එතනින් එහාට මේකට යන්නට නොහැක. මේක හොඳයි දේශපාලන සටන් පාඨයක් විදියට ඊ ළග කොටසින් ඒ ගැන කථා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *