පෝට් සිටි නව පරිසර වාර්තාව බොරුවක් ලූ – නිතඥයෝ නැවත වාර්තාවක් ඉල්ලති

නැවතත් ආරම්භ කිරිමට නියමිත පොර්ට් සිටි නගර ව්‍යාපෘතියට අදාල නව පරිසර අධ්‍යයනය බොරුවක් බව  පොර්ට් සිටි ව්‍යාපෘතියට එරෙහිව දැනට විභාගවෙමින් පවතින නඩුවට සම්බන්ධ නීතිඥ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.  ඔවුන් කියන ආකාරයට අදාළ චීන සමාගම ලෝක බැංකුව විසින් අගරු ලැයිස්තුවට ඇතුලත්කර ඇති සමාගමකි. මෙහි පළමු සක්‍යතා වාර්තාව සකස් කරඇති නෙදර්ලන්ත සමාගම ද අගරු ලේඛණයට ඇතුලත් සමාගමක් බවට චෝදනා නැගී ඇත .

මේ නගර සැලැස්ම එසේම ක්‍රියාත්මක කළහොත් හලාවත සිට මොරටුව දක්වා මුහුදු තීරයේ ඇති වැලි මේ සඳහා ලබා ගැනීමට සිදුවන බවත් එය විශාල පරිසර හානියකට හේතු වන බවත් ඒ නීතිඥ සමාගමේ අදහස ය.
සිංගපූර්ව ද මෙවැනි නගර ව්‍යාපෘතියක් කළ නමුත් ඔවුන් ඒයට අවශ්‍ය පස්, ගල් සහ වැලි ඉන්දුනීසීයාව හා මැලේසියාව වැනි රටවලින් ආනයනය කළ බව පෙන්වා දෙන එම නීතිඥ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පරිසරයට හානිකර ලෙස අපේම ගල් වැල් යොදාගෙන කරන මෙම ව්‍යාපෘතිය සඳහා පූර්ණ පරිසර වාර්තාවක් නැවත ලබාගත යුතු බවයි.

කෙසේ වෙතත් වෙනත් ආරංචි මාර්ග කියන්නේ අවශ්‍ය තරම් වැලි තැන්පතු වෙරළට එපිට මුහුදු පතුලේ ඇති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *