අපවත් කළ කථාවට ජනපති නියමයෙන් පරික්ෂණක්
මාදොළුවාවේ සේභිත නායක ස්වාමීන්වහන්සේව අපවත් වූවා නොව අපවත් කළා ය” යනුවෙන් ඇප මත නිදහස ලබා සිටින උඩුවේ ධම්මාලෝක සහ ඇල්ලේ ගුණවංශ යන හිමිවරු මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් ඒ පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට කළ නියෝගයට අනුව පරීක්ෂණ ආරම්භ වී ඇතැයි යුක්තියට වාර්තාවේ.
මේ අනුව සෝභිත හිමියන්ව අපවත් කළ ආකාරය දැනගැනීමට ඒ හිමිවරුන් දෙදෙනාගෙන් නුදුරේදීම කටඋත්තර ලබාගැනීමට නියමිත ය. අලිහොරකමක් මත අත්අඩංගුවට පත්වීමෙන් ඇති වූ අපකීර්තිය වසාගැනීමට සංඝායා වහන්සේලාට එරෙහිව මර්ධනයක් ඇති බව ඇගවීම සඳහා සෝභිත හිමියන්ගේ අපවත්වීම ඈඳගනිමින් කළ මේ සාපරාධි අසත්‍ය ප්‍රකාශය සිරදඩුවම් ලැබිය හැකි වරදක් බව නිතිඥයින්ගේ අදහස ය.
මීට වසර 15කට පමණ පෙර නාගවිහාරයේ නැවතී සිට ඇති උඩුවේ ධම්මාලෝක හිමියන් කළ කිසියම් නොහොබිනා ක්‍රියාවක් හේතුකොටගෙන සෝභිත හිමි විසින් පන්සලෙන් එළවා දැමූ බවත්, එදායින් පසු සෝභිත හිමි අපවත්වන තුරු ඒ පැත්ත පලාතකටවත් ධම්මාලෝක හිමියන් නොපැමිණි බවත් නාගවිහාරයට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
