නැගෙනහිර ජැටිය දෙන්න බැරි ආණ්ඩුව බටහිර දෙන්නේ කොහොමද ? – ඉන්දියාව ප්රශ්න කරයි !
වරාය කම්කරුවන්ගේ විරෝධය නිසා එහි නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීමට බැරි ආණ්ඩුව බටහිර ජැටිය ලබාදෙනු ඇතැයි තමන්ට විශ්වාස කළ නොහැකි බව ඉන්දියාව රජයට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
නැගෙනනහිර ජැටිය සංවර්ධනයට මතු වූ විරෝධය වැනි ම විරෝධයක් බටහිර ජැටිය සංවර්ධනයට ද එල්ල වුවහොත් රජය කුමක් කරන්නේ දැයි ඉන්දියානු මහා කොමසාරිස්වරයා ප්රශ්න කොට ඇතැයි කියති.
නැගෙනහිර ජැටිය ගැන රජයේ තීරණයට විරෝධය දැක්වීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී කළ සාකච්ඡාවල දී මහ කොමසාරිස් වරයා මෙම ප්රශ්නය ද මතු කළ බව කියති.
මහ කොමසාරිස්වරයා කියා ඇත්තේ බටහිර ජැටිය ගැන තමන්ගේ උනන්දුවක් නැති බව යි.
මේ අතර ගිය වසරේ ඉන්දියාව ලබාදුන් ඩොලර් මිලියන 400 ක් ණය මුදල වහා ම ආපසු ගෙවන ලෙස ඉන්දියාව දැනුම් දී ඇති බවත්, රජය තමන් සතු සංචිතවලින් එම මුදල ගෙවා ඇති බවත් තවත් වාර්තාවකින් කියයි.
