නැගෙනහිර ජැටිය ගැන තීරණයට ඉන්දියාවේත් ,ජපානයේත් නොසතුට

 

ශ්‍රී ලංකාව ,ඉන්දියාව සහ ජපානය අතර 2019 ජුනි මාසයේ අත්සන් කළ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම උල්ලංඝනය කරමින් කොළඹ වාරයේ නැගෙනහිර ජැටිය සියයට සියයක් වරාය අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට  රජය ගත තීරණයට ඉන්දියාවත් , ජපානයත් යන දෙරට ම තම නොසතුට ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

මේ පිලිබන්ඳව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් වරයා ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා කළ බව ඉන්දියාවේ ද හින්දු පුවත්පත වාර්තා කොට තිබිණි.

ද හින්දු පුවත්පතේ තවත් වර්තාවක සඳහන් වුයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ජපන් රජයේ නොසතුට ප්‍රකාශ කළ බව යි.

නැගෙනහිර ජැටිය සංවර්ධනයට රජය ඉදිරිපත් කළ කොන්දේසි අදානි සමාගම ප්‍රතික්ෂේප කළ බවට වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා කළ ප්‍රකාශය ගැන ද එම සමාගම විමතිය පළ කොට තිබිණි. සමාගම කියන්නේ එම සාකච්ඡා ආරම්භ වුයේ එම සතිය තුළ ම බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *