ව්‍යවස්ථා යෝජනාවට ඡන්ද විමසීම මාර්තු 09

පාර්ලිමේන්ව හමුවේ ඇති ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනාව සඳහා මාර්තු මස 09 වෙනිදා ඡන්දය විමසීමට තීරණය කර ඇතැයි යුක්තියට වාර්තාවේ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති ආකාරයට ඒකාබද්ධ විපක්ෂය ද නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එකගත්වය පලකර ඇති තත්ත්වය තුළ එම යෝජනාව ඒකච්ඡන්දයෙන් අනුමතවීමට ඉඩ ඇතැයි කියැවේ. උක්ත යෝජනාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග ඡන්දය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට එරෙහිව කටයුතු කිරීමට සූදානම්වීමත් සමග මේ අලුත් ත්ත්ත්වය උදාවී ඇති බව වැඩි දුරටත් දැනගන්නට ඇත.
ශ්‍රිලනිප මන්ත්‍රිවරුන්ගේ එකගවීම තුළ, දිනේශ් ගුණවර්ධන ඇතුලු පිරිස ද එයට එක් වූ නමුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේ දී ඔවුන් එය අවුල් කිරීමට කටයුතු කරනු ඇතිබව ද දැන ගන්නට ඇත. අඩුම තරමේ 13 වෙනි සංශෝධනයෙන් පලාත් සභාවට හිමි වූ ඉඩම් හා පොලිස් බලතලවත් පලාත් සභාවලට ලබාදීමට දිනේෂ් ඇතුළු පිරිස එකග නොවන බව දැනගන්නට තිබේ.
අනික් කාරණය වන්නේ නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුමැතිය ලැබෙන්නේ ද යන්න ද තවසත් ස්ථිර නැත. විධායක ජනාධිපතිවරයාගේ බලතල තවදුරටත් ඉවත්කර නව මැතිවරණ ක්‍රමයකින් පමණක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සෑහිමට පත්වීමට ඉඩ ඇතැ ද දැනගන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *