රනිල් නායකත්වයෙන් යා යුත්තේ පක්ෂය යලි ගොඩනැගීමෙන් පසුව යි – හිටපු ඇමති වජිර අබේවර්ධන

එක්සත් ජාතික පක්ෂය යලි ගොඩ නැගීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වයේ සිටිය යුතු බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි .

පක්ෂය තරුණ නායකත්වයකට භාරදිය යුත්තේ යලි ශක්තිමත් කිරීමෙන් පසුව බව ද ඒ මහතා කියයි.

මීට පෙර පක්ෂය වැටුණු අවස්ථාවල එය ගොඩගෙන බලයට ගෙන ඒමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි වූ බවත් , මෙවර ද ඔහුට එය කළ හැකි බවත් අබේවර්ධන මහතා වැඩි දුරටත් පැවසී ය.

ඒ මහතා මේ අදහස් ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිනි.

පක්ෂයට හිමි එක ම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා රනිල්වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු යා යුතු බවත් , එයට එතුමාගේ කැමැත්ත අදාළ නැති බවත් , වජිර අබේවර්ධන මහතා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *