කොවිඩ් තුන්වෙනි රැල්ල අතිශයින්ම භයානක එකක් වේවි – රනිල්ගේ දෙවැනි අනාවැකිය

ඒ මහතාගේ සමීපතමයින් පිරිසක් පසුගිය දිනක එම සිදුවීම පිළිබඳ විමසද්දී වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මේ දෙවැනි රැල්ල බොහෝ දුරට දෙසැම්බර් අවසානය වනවිට නිමවී යනු ඇති බවකි. එසේම තුන්වෙනි රැල්ලක් ගෝලීය මට්ටමින්ම නිර්මාණය වනු ඇති බව ප්‍රකාශ කර ඇති ඒ මහතා එය ශ්‍රී ලංකාවට පැමිණෙන දින වකවානු කිව නොහැකි වුවත් එය අතිශයින්ම භයානක එකක් වනු ඇති හෙයින් දැන්ම තබා ඊට සූදානම් විය යුතු බවත් අවධාරණය කළ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
තමන් දැනට දේශපාලන කටයුතු වලින් ඉවත්ව නිහඬව සිටියත් මේ සියල්ල පිළිබඳ අධ්‍යනය කරමින් සිටින බව පවසා ඇති ඒ මහතා මෙවන් මොහොතක අනාගතය පිළිබඳ පැහැදිලි සැලසුම් සහිතව බලධාරීන් කටයුතු කළයුතු බවත් පෙන්වා දී ඇතැයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.
lLANKANEWSWEB
