තවත් කොවිඩ් මරණ 05ක් ; දැන් එකතුව 29 යි

තවත් කොවිඩ් මරණ 05ක් සිදුව ඇති බව සෞඛ්‍ය අංශ කියයි.ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවේ සිදුවී ඇති කොවිඩ් මරණ ගණන 29 කි. ඊට අමතරව සියදිවි නසාගත් කොවිඩ් රෝගියකු මෙන් ම වැටී මියගිය අයෙකු ද වාර්තා වී ඇත. එම මරණ කොවිඩ් මරණ ලෙස වර්ග කොට නැත.

25 වන මරණය – කොළඹ 02 පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු පිඹුර මූලික රෝහලේ දී නොවැම්බර් 04 වන දින මියගොස් ඇත.

26 වන මරණය – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නොවැම්බර් 04 මියගොස් ඇත.

27 වන මරණය – කොළඔ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අතර ඇයගේ නිවසේදි මියගොස් ඇත.

28 වන මරණය – කොළඹ 14 පදිංචි 73 හැවිරිදි කාන්තාවක් ඇගේ නිවසේදී මිය ගොස් ඇත.

29 වන මරණය – කොළඹ 15 පදිංචි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු ඔහුගේ නිවසේ දී මිය ගොස් ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *