“ඡන්ද සියල්ල ගණන කරනවා – ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්නවා ” – පෙන්සිල්වේනියා ආණ්ඩුකාර ටොම් වොල්ෆ්

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව ඇති පෙන්සිල්වේනියාවේ සියලු ච්ඡාන්ද ගණන්කිරීම දිගට ම සිදුකරන බව එහි ආණ්ඩුකාර ටෝම් වොල්ෆ් රජය ලේකම් කැතී බුක්වා ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.

ඡන්ද ගණන් කිරීම කිසිදු වරදක් සිදු නොවන පරිදි නීතියට අනුව සිදුකරන බව කී ආණ්ඩුකාර වරයා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ඒ ආකාරයෙන් බව ද පැවසී ය.

දශලක්ෂ තුනක තරම් ඡන්ද ප්‍රමාණයක් ගණන් කිරීමට ඇති බවත් එයට දින කිහිපයක් ගතවන බවත් ඔහු කීය.

රජය ලේකම් කැති බුක්වා කීවේ නීතියට අනුව සිකුරාදා දක්වා ලැබෙන ඡන්ද බාරගෙන ගණන කරන බවයි. විදේශවල සේවයකරන ඇමෙරිකන් හමුදා භටයින්ගේ ඡන්ද භාරගැනීමේ අවසන් දිනය ලබන අඟහරුවාදා බව ද අය ප්‍රකාශ කළේ ය.

තැපැල් ඡන්ද ගණන් කිරීම වංචාවක් බවට ට්‍රම්ප් කළ චෝදනාවට පිළිතුරු දීමක් මෙමගින් සිදුකල බව කියති .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *