MCC ගිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකාවේ නීතියට අනුකුලවයි – පොහොට්ටු මන්ත්‍රී මහින්ද සමරසිංහ මැතිසබයට කියයි

විනිවිදභාවයෙන් යුතු ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවා 

සහශ්‍රක අභියෝගතා සංස්ථා ගිවිසුම හෙවත් MCC ගිවිසුමට එරෙහිව මතු වූ බරපතළ ම විරෝධතාවය වුයේ එය ජාත්‍යන්තර නීතියට  පමණක් යට ත් වීම බවත් , මෙම රජය එම ගිවිසුම අත්සන් කරන්නේ එය රටේ දේශීය නීතියට යටත් කිරීමෙන් පසුව බවත් පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමති මහින්ද සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

එම ගිවිසුමට එල්ල වූ විවේචන සම්බන්ධයෙන් අධ්‍යයනය කොට විනිවිද භාවයෙන් යුතු ක්‍රියාමාර්ගයකින් පසුව ගිවිසුම අත්සන් කරන බව ඒ මහතා කීය.

මෙම ගිවිසුම සකස් කිරීමට පසුගිය රජය අදාළ සියලු රාජ්‍ය ආයතනවලින් අදහස් ලබාගෙන ඇති බව කී ඒ මහතා පසුව එම ක්‍රියාවලිය අත්හැර දමා ඇතැයිද පැවසී ය.

ගිවිසුම ගැන නීතිපතිගේ අදහස් ලබාගත් බවත් ගිවිසුම ජාත්‍යන්තර නීතියට අනුකුලව සකස් වී ඇතත් දේශීය නීතියට අනුව සැකසී නැති බව නීතිපතිවරයා පෙන්වා දී ඇති බවත් සමරසිංහ මහතා හෙළිදරව් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *