චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනියා එන්නේ. ඔවුන් බලවත්. අපට නිරෝධායනය කරන්න බෑ – සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා

චීනයේ සිට මෙරටට පැමිණෙන විශේෂ දූත පිරිස අතර චීන කොමියුනිස්ට් පක්ෂයෙහි දේශපාලන බලමණ්ඩලයේ දෙවැනියා ද සිටින බවත් ඔවුන් අතිශය ප්‍රබලයින් බැවින් ඔවුන්ව නිරෝධායන ක්‍රියාවලියකට ලක්කිරීමට හැකියාවක් නොමැති බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
“මෙහෙමයි, මේ අය ලංකාවට එනවිට ඔවුන් අපත් එක්ක එකඟතාවය තියෙන්නෙ ඔවුන් එහෙන් PCR පරීක්ෂණ කරගෙන එන්න ඕනෙ. ඔවුන් ලංකාවට ආවාට පස්සෙ අපි PCR පරීක්ෂණ ඔවුන්ගේ සිද්ධ කරනවා.
මේ එන කණ්ඩායම නිරෝධායනය කරන්න බැහැ. මම හිතන්නෙ මම ඒකට වෙනම …. මේ කලබලේට උත්තරයක් දීගන්න බෑ. නමුත් … මේ අය නිරෝධායනය කරන්නෙ නෑ. මේ අය දවසකට එන්නෙ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉන්න ඉහළම තලයේ නිලධාරී තුමෙක් එන්නේ. ඒ කියන්නෙ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන බලමණ්ඩලයේ මා දන්නා තරමින් දෙවැනියා වගේ ඉන්න කෙනෙක්. ඉතිං චීන කොමියුනිස්ට් පක්ෂය කොයි ආකාරයටද චීනය තුළ රාජ්‍ය කරගෙන යන්නෙ කියන එක ඔබතුමන්ලා දන්නවා” යනුවෙනුයි ඇමතිවරිය සඳහන් කළේ.
සෞඛ්‍ය ඇමතිනිය මේ බව පැවසුවේ චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහළ පෙලේ දූත පිරිස නිරෝධායනයට ලක් කරන්නේද යන්න පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරුන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසුවේ දේශපාලන නියෝජිතයින් පමණක් නොව ඉදිරියේදී චීන ව්‍යාපාරික නියෝජිතයින් ද මෙසේ විශේෂ ආකාරයෙන් මෙරටට පැමිණෙනු ඇති බවත් ශ්‍රී ලංකාව චීනයත් සමඟ ගුවන් ගමන් සඳහා ඉදිරියේදී එයාර් බබ්ල් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
RN
LANKANEWSWEB
