කහ පාලන මිල ඉවතට

කහ සඳහා ආණ්ඩුව පනවා තිබු පාලන මිල ඉවත් කොට ඇත. ඒ සඳහා වූ ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබී ය.
කහ ආනයනය තහනම් කළ ආණ්ඩුව අප්‍රේල් 21 දා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කහ කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් ලෙස නියම කර තිබිණි. අද ඉවත් කරන ලද්දේ එම උපරිම මිල නියමය යි.
ආණ්ඩුව උපරිම මිලක් නියම කර තිබුණ ද එම මිලට කහ ලබාගත නොහැකි වීය . ඒ වෙනුවට අධික මිලට කහ අලවි වුයේ කළු කඩ ජාවාරමක් වශයෙනි. කහ ප්‍රසිද්ධියේ විකුණනු නොලැබූ අතර වැඩි මිලට අලෙවිය ද සිදුවුයේ රහසිගතව ය.
දිවයිනේ ප්‍රධාන අලෙවිසල්වලින් කහ අතුරුදන් වූ අතර ජනාධිපති බිරිඳ භාණ්ඩ මිල දී ගන්නා ඇඹුල්දෙනියේ කීල්ස් සුපිරි වෙළඳ සැලේ ද කහ නොතිබිණි.
