රාජ්‍ය ආයතනවල දුෂණ, වංචා පරීක්ෂණ මින් පසු රහසිගතව – රජය තීරණය කරයි

රජයේ ආයතනවල දුෂණ , වංචා පිළිබඳව පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවත් , රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුවත් කරන පරීක්ෂණ මින් පසුව රහසිගතව කිරීමට රජය තීරණය කොට ඇත .
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ මෙම පරීක්ෂණ මාධ්‍යයට විවෘත කිරීම නවතා දැමීමට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කළ බවයි .
මෙම කමිටුවල පරීක්ෂණ විවෘත කිරීමට පසුගිය රජය කටයුතු කොට තිබිණි. රාජ්‍ය ආයතනවල ගනුදෙනුවල විනිවිද භාවය පවත්වාගැනීම එහි අරමුණ වී තිබිණි.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ කටයුතු ද මාධ්‍යයට විවෘත් නොකරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කිව ද , එහි සභාපති පදවියට පත් වූ මහාචාර්ය තිස්ස විතාරණ මහතා කියා ඇත්තේ එම කමිටු රැස්වීම් තවදුරටත් මාධ්‍යයට විවෘත කරන බව යි.
