20 ට එරෙහි සටනේ මුස්ලිම් කොන්ග්‍රසය නැතැයි පල වූ වාර්තා බොරු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවේ දී කළ විරෝධතාවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය සහභාගී නොවූ බවට ඇතැම් ජනමාධ්‍ය කළ ප්‍රචාරය පදනම් විරහිත බොරුවක් බව එම පක්ෂය කියයි.
පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මන්ත්‍රීන් සියලු දෙන එම විරෝධතාවට සහභාගී වී ඇත.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය නැති ආණ්ඩුව විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට ගෙනයන ප්‍රචාරය ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාජ පුවත ප්‍රචාරය කොට ඇති බව මුස්ලිම් කොන්ග්‍රසය කියයි.
මෙය ප්‍රධාන පුවතක් ලෙස ඊයේ පලකළ ජාතික පුවත්පතක් අද එම වරද නිවැරදි කරමින් සමාව ඉල්ලා ඇත.
