කඳුකර ප්‍රජාවගේ ‘ තේ කහට’ ඡායාරූප ප්‍රදර්ශනය 26/27 දිනවල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී
‘ තේ කහට’ ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 26/27 යන දෙදින පුරා කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත පිළිබඳව, කඳුකර තරුණ තරුණියන් 40 කු විසින් මෙම ඡායාරූප ලබාගෙන තිබීම විශේෂත්වයක් වන අතර කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන සමාජ කතිකාවක් ඇතිකිරීමට මින් අපේක්ෂා කරමු.
ප්‍රදර්ශන පැවැත්වෙන සෑම දිනකම සවස 4.00ට මෙම ඡායාරූප ඔස්සේ කඳුකර ප්‍රජාවගේ ජන ජිවිත ගැන යම් සංවාදයක් කිරීමට ද බලාපොරොත්තු වන අතර මෙම ප්‍රදර්ශන නැරඹීමටත්, සවස සංවාදයටත් සහභාගිවන මෙන් කාරුණිකව ආරාධනා කර සිටිමු.
එසේ ම මේ පිළිබඳ ඔබ මාධ්‍ය ආයතනයේ ප්‍රචාරණයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමු.
