කහ තහනම් කළාට විස්කි, බ්‍රැන්ඩි ලීටර් කෝටි ගණන් ගෙන්නනවා. ආණ්ඩුව දුවන්නේ බොරුවෙන් – සමන් රත්නප්‍රිය

එතනෝල් මෙරටට ගෙන්වීම තහනම් බව රජය ප්‍රකාශ කළත් වසරේ මුල් මාස 8 තුළ එතනෝල් ලීටර් ලක්ෂ 20ක් සහ ලීටර් කෝටි ගණනින් විස්කි, බ්‍රැන්ඩි, බියර් සහ වයින් ගෙන්වා ඇති බවත් මේවා මෙසේ ගෙන්වන්නේ රටට කහ ආනයනය කිරීම පවා තහනම් කර ඇති පසුබිමක් තුළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.
“බොරුවෙන් නේ ආණ්ඩුව යන්නෙ. දැන් ආණ්ඩුව කිව්වා එතනෝල් රටට ගෙන්වන එක තහනම් කරනවා කියලා. ආණ්ඩුව 2020 ජනවාරි 01 වෙනිඳා ඉඳන් අගෝස්තු 31 දක්වා එතනෝල් ලීටර් ලක්ෂ 20ක් ගෙන්නලා තියෙනවා ලංකාවට.
ගවයින් මැරීම තහනම්, එතනෝල් තහනම්, සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම තහනම්, කහ තහනම්. හැබැයි බියර් එනවා, විස්කි එනවා, වයින් එනවා. ජුනි මාසෙ සුරාබදු ආදායම මිලියන 8817යි, ජුලි මාසෙ සුරාබදු ආදායම මිලියන 13557යි. වෙනස සැපද කියලා අහන්න ඕනෙ මේ ගොල්ලොන්ගෙන්. වැඩිවීම මිලියන 4700යි.

බියර් ගෙන්නලා තියෙනවා ඔය තහනමෙන් පස්සෙ ලීටර් හත් කෝටි අනූ ලක්ෂ විසිඑක් දාස් හත්සිය හැටක්. හැට අට කෝටි හතළිස් හත් ලක්ෂ හැටපන්දාස් හාරසීයක් ගෙන්නලා තියෙනවා වයින් ලීටර් තහනමෙන් පසු. දහතුන් කෝටි හැට එක් ලක්ෂ අනූ පන්දාස් දෙසිය විස්සක් විස්කි සහ බ්‍රැන්ඩි.
ආණ්ඩුවට කැමති දේ ආණ්ඩුව කරනවා. අකමැති දේ කරන්නෙ නෑ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සමන් රත්නප්‍රිය මහතා මේ බව පැවසුවේ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (14) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
RN
LANKANEWSWEB
