එජාප නායකයා තෝරන්න ළඟදී ම තවත් ඡන්දයක් තියනවා – එජාප නායක රනිල් වික්‍රමසිංහ

එජාපයේ මෙම මැතිවරණය පවත්වන ලද්දේ නියෝජ්‍ය නායකයා තේරීමට බවත්, පක්ෂයේ නව නායකයා තේරීමට ළඟදීම තවත් මැතිවරණයක් පවත්වන බවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.

පක්ෂයේ නියෝජ්‍ය නායකයා තේරීමේ රහස් ඡන්දයෙන් පසුව පක්ෂයේ කෘත්‍යාධිකාරී  මණ්ඩලයට රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කොට ඇත්තේ නායකත්වයෙන් ඉවත්වන ලෙස ලක්ෂ්මන් විජේමාන්න මහතා කළ ඉල්ලීමකට පිළිතුරු දීමක් ලෙසට ය.

කලින් ප්‍රකාශ වී තිබුනේ ජනවාරියේ දී වික්‍රමසිංහ මහතා ඉවත් වී රුවන් විජේවර්ධන මහතාට නායකත්වය භාරදෙන බවයි.

නියෝජ්‍ය නායක තොරණ ඡන්ද විමසීමේ දී රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කළේ නැත.

පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියන්නේ ඊයේ පරාජයට පත්වුයේ පක්ෂ නායකත්වයට කරු ජයසුරිය මහතා පත්කර ගැනීමට උත්සාහ දැරූ කණ්ඩායම බවයි. රවී කරුණානායක, නවීන් දිශානායක, ලක්ෂ්මන් විජේමාන්න , දයා ගමගේ, අර්ජුන රණතුංග ඇතුළු පිරිසක් මෙම කණ්ඩායමට අයත් වී ය. රහස් ඡන්දයක් ඉල්ලා සිටි එම කණ්ඩායමට එම ඡන්දයෙන්  අත් වුයේ අන්ත පරාජයකි.

මෙම ඡන්දය නිසා රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය තුළ යලි ශක්තිමත් වී ඇති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *