පවුලකට 5000 කින් ජීවත්විය හැකි බව කොරෝනා සමයේ ජනතාව ඔප්පු කළා – ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර

මෙරට පවුලකට රුපියල් පන් දහසක මුදලකින් මාසයක් ජීවත්විය හැකි බව කොවිඩ් වසංගතයට රට වසා තිබු සමයේ මෙරට ජනතාව ඔප්පු කොට පෙන් වූ බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.
ඇඳිරිනීතිය දමා රට වසා තිබිය දී මසකට රුපියල් පන් දහසක මුදලකින් මෙරට ජනයා මාස තුනක් ජීවත් වූ බව ද ඒ මහතා පවසයි.
දෙරණ රුපවාහිනියේ 360 වැඩ සටහනට පසුගිය දා සහභාගී වෙමින් ජයසුන්දර මහතා මේ බව ප්‍රකාශ කොට තිබේ
