පාර්ලිමේන්තුවේ 2/3 නැහැ; ඇතුලෙන් ම විරෝධතා ; විස්ස කොට උඩ !

ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ 2/3 බලය අහෝසි වී තිබීමත් , ආණ්ඩු පක්ෂය ඇතුළෙන්ම විරෝධතා පළවීමත් සමග ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුවේ හිමිවුයේ අසන 145 කි. 2/3 ට අවශ්‍ය 150 සම්පුර්ණ වුයේ ඩග්ලස් දේවානන්දා මහතාගේ ඊ පී ඩී පී පක්ෂයේ දෙදෙනකු ශ්‍රීලනිප තනිව යාපනයෙන් දිනාගත් එක් අයකු , පිල්ලෙයාන් හා අතාවුල්ලා දිනාගත ආසන දෙක එකතු වීමෙනි.
කතානායක පත්කිරීමත් සමග මෙයින් එක් චන්දයක් අඩු වූ අතර ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි වීමෙන් මේ මොහොතේ තවත් චන්දයක් අඩු වී ඇත. ඒ අනුව දැනට ඇත්තේ චන්ද 148ක් පමණකි. ශ්‍රීලනිප අසන 15ක් ද එයට ඇතුලත් ය.
මේ වනවිට ශ්‍රීලනිප ය ආණ්ඩුව ගැන විවේචනාත්මකව සිටින අතර තම පක්ෂයට කරන මදි පුංචිකම් පිළිබඳව අමනාපයෙන් සිටින බව ද කියති . ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් දීමට ද එම පක්ෂය විරෝධය ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිට සම්පුර්ණ බලයක් නැතිව තමන්ට සලකන්නේ මෙහෙම නම් තව බලය දුන්නොත් කොහොම දැයි එම පක්ෂය තුළ කතාබහට ලක්වන බව කියති . පක්ෂයේ ගෞරවය රැක ගන්නවා ද , නැත්නම් ඇමති දුර තුනක් සඳහා නිවට වනවා දැයි තමන්ට තීරණය කිරීමට සිදුව ඇති බව එම පක්ෂයේ ප්‍රබලයකු ප්‍රකාශ කොට ඇත.
ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය කේ එම් වසන්ත බණ්ඩාර මහතා මෙන්ම රාජපක්ෂවරුන් බලයට ගෙනඒමට විශාල කාර්ය භාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ද ප්‍රසිද්ධ පුවත්පත් සාකච්චා පවත්වමින් ආණ්ඩුවටත් 20 වන සංශෝධනයටත් විරෝධය පල කොට ඇත. ඔවුන්ගේ අදහස වී ඇත්තේ මේ මොහොතේ කළ යුතු වන්නේ 20 ගෙන ඒම නොව නව ආණ්ඩුක්‍රම වය වස්තාවක් ඉදිරිපත් කිරීම බවයි. විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම රජය තුළ මෙම මතය නියෝජනය කරයි.
ආණ්ඩුවේ තවත් පාර්ශව කරුවකු හා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු වන ගෙවිඳු කුමාරතුංග යුතුකම සංවාද කෙන්ද්‍රය නියෝජනය කරමින් ප්‍රකාශ කොට ඇත්තේ ද එබඳුම අදහසකි. ඔවුන්ට ද පාර්ලිමේන්තුවේ ආසන දෙකක් හිමි ව ඇත.
මෙම තත්ත්වය යටතේ ආණ්ඩුවට 20 වන සංශෝධනය සම්මත කරගැනීමට නම් මෙම සියලු අදහස් යටපත් කරමින් ඔවුන් සියලු දෙනාගේ චන්දය 20 ට පක්ෂව අනිවාර්යයෙන් ප්‍රකාශ කරවා ගත යුතු වන අතර විපක්ෂයෙන් ද අඩු තරමින් චන්ද දෙකක් ලබාගත යුතු ව ඇත .
ඒ අතර ඇමතිකම් නොලැබ කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරුන්ගේ චන්ද ප්‍රකාශ කරවා ගැනීම ද අභියෝගයකි . විජයදාස රාජපක්ෂ , එස් බී දිසානායක ඇතුළු ප්‍රබල පිරිසක් ඒ අතර සිටිති.
මේ සියලු අභියෝග ජයගෙන 20 සම්මත කරගැනීම ආණ්ඩුවට බරපතළ අභියෝගයක් වන බව පෙනෙන්නට තිබේ.
ආණ්ඩුවේ ඇතැම් ප්‍රබලයින් මෙම තත්ත්වය දන්නා බවත් , ඔවුන් ජනාධිපතිවරයා අමාරුවේ වැටෙන තෙක් බල සිටිනවා වියහැකි බවත් ඇතැම් නිරීක්ෂකයෝ කියති.
