අපෙන් අහන්නේ නැතිව වැඩ කරනවා නම් සන්ධාන වැඩක් නෑ ; 20 ඇතැම් වගන්තිවලට අපි එකඟ නෑ – ශ්‍රීලනිප හිටපු මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ගිවිසුම් ගතව තමන් මැතිවරණයට තරඟ කළ ද ආණ්ඩුවට බලය ලැබුණු පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොසලකා හැර හිතුමතේ තීන්දු ගන්නා තත්ත්වයක් උද්ගතව ඇති බවත් එලෙස සන්ධාන ක්‍රියාත්මක කළ නොහැකි බවත් ශ්‍රීලනිප හිටපු මහා ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කරයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදීමේ දී උඩින් ම තිබු තම නම නොතකා පක්ෂයෙන් විමසීමක් නොකොට දෙවෙනියට නම තිබු අන්ගජන් රාමනාදන් මහතා පත්කළ බවත් එය සන්ධාන ක්‍රියාවලියට හානියක් බවත් පියදාස මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය සැකසීමේ දී ද තම පක්ෂයේ අදහස් නොවිමසු බවත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු වරම් ලබාදීම ඇතුළු බොහෝ  කරුණුවලට ශ්‍රීලනිපයේ එකඟතාවක් නැති බවත් ඒ ගැන ඉදිරි මධ්‍යම කාරක සභාවක දී සාකච්චා කොට තීරණය කරන බවත් පියදාස මහතා වැඩි දුරටත් පැවසීය.

කොළඹ දී ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

ශ්‍රී ලංකා නොදුජන නිදහස් සන්ධානයේ සම සභාපතිවරයකු වන ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉහල තනතුරක් හෝ කැබිනට් ඇමති ධුරයක් නොදීම සම්බන්ධයෙන් ද ශ්‍රීලනිපය කෝපයෙන් සිටින බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *