කරු අත නාරියි ; සාමාජික පත් ප්‍රසිද්ධ කරයි

කරු ජයසුරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයකු නොවන බවට රනිල් වික්‍රමසිංහ මහතා සහ එජාපයේ ඇතැම් පිරිස් කරන ප්‍රකාශයට පිළිතුරු ලෙස පැරණි පක්ෂ කාඩ් පතක් සහ මෑතක ලබාගත් බව කියන තවත් කාඩ්පතක් කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රසිද්ධ කොට ඇත.

ඒ අනුව කරු ජයසුරිය මහතා 2000 වසරේ දී පක්ෂයේ යාවජීව සාමාජිකත්වය ලබාගෙන ඇත. පක්ෂයේ ව්‍යවස්ථාවේ නැතත් ජෙෂ්ටයන්ගේ එකඟතාවයෙන් දුන් යාවජීව සාමාජිකත්වය වලංගු බව ජයසුරිය මහතා කියයි.

ඒ අනුව පසු කලෙක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සම්බන්ධ වී සිටිය ද මෙම යාවජීව සාමාජිකත්වය වලංගු විය යුතු බව එම තර්කයෙන් කියවෙයි.

කෙසේ වෙතත් පසුගිය අගෝස්තු 20 දිනෙන් පසුව කරු ජයසුරිය මහතා නැවතත් අලුත් සාමජිකත්වයක් ලබාගත් බවට තවත් සාමාජික කාඩ් පතක් ද මාධ්‍යයට නිකුත් කොට ඇත. එනම් එජාපය මැතිවරණ පරාජයෙන් පසුව අර්බුදයට ලක් ව සිටය දී හා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්වන බවට ප්‍රකාශ වී තිබිය දී කරු ජයසුරිය මහතා නව සාමාජික කාඩ් පතක් ලබාගෙන ඇත.

යාව ජීව සාමාජිකත්වය වලංගුව තිබියදී තව සාමාජික පතක් අලුතින් ලබාගැනීම ගැන පැහැදිලි කිරීමක් ජයසුරිය මහතාගේ නිවේදනයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *