එජාප – සජබ සමගි කරන්න තිස්ස අත්තනායක රනිල් හමුවෙයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ලෙස සිටින සජිත් පිල එක්සත් කිරීමේ උත්සාහයක් සඳහා සජිත් පිලේ ප්‍රබලයකු වන තිස්ස අත්තනායක මහතා පසුගිය දිනෙක රනිල් වික්‍රමසිංහ මහතා හවූ වී සාකච්ඡා පවත්වා ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් එයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව කියති. මැතිවරණයක් අත ළඟ තබාගෙන පක්ෂය භේද කිරීම ගැන වික්‍රමසිංහ මහතා චෝදනා කොට ඇති බව ද වාර්තා වෙයි. පක්ෂයේ අනාගතය ගැන තීන්දු ගැනීම තමා නොව කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් සිදුකරනු ඇති බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
සජිත් පිලේ කබීර් හසීම් සහ තලතා අතුකෝරල ද මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මෙබඳුම සාකච්ඡාවක් පවත්වා තිබේ. එය ද සාර්ථක වී නැත.
සමගි ජන බලවේගය පක්ෂයක් නොව සන්ධානයක් බවත් සජිත් කණ්ඩායමට ඉදිරියේ මෙම සන්ධානයේ සිටීම සඳහා පක්ෂයක් සාදා ගැනීමට සිදුවනු ඇති බවත් සජබ පක්ෂ නායකයකු වන මනෝ ගනේෂන් මහතා පසුගිය සති අන්තයේ ‘අනිද්දා’ පුවත්පතට ප්‍රකාශ කොට තිබිණි.
සමගි ජන බලවේගය මැතිවරණයේ දී මන්ත්‍රී දුර 54ක් ලබාගෙන සිටිය ද එහි දේශපාලන අනාගතය පිළිබඳව බරපතළ ප්‍රශනයක් මතු වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
