එජාප නායකත්වයට මා තවම තරුණ වැඩියි – රුවන් විජයවර්ධන

එජාප නායකත්වයට තරඟ වැදීමට තමා තවම තරුණ වැඩි බවත් , තමන්ට වඩා ජෙෂ්ට නායකයන්  සිටිය දී පක්ෂ නායකත්වය ගෙන මෙහෙයවීම අපහසු බවත් එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත.

කෙසේ වෙතත් පක්ෂයෙන් ඉල්ලීමක් ලැබෙන්නේ නම් සලකා බැලිය හැකි බවත්, ජෙෂ්ටයන් හා තරඟ වැදීමට කැමැත්තක් නැති බවත් ඒ මහතා පවසා තිබේ.

රුවන් විජේවර්ධන මහතාට එජාප නායකත්වය ලබාදීමට යන බවට පළවූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කැලණිය ප්‍රදේශයේ දේශපාලන ආධාරකරුවන් පිරිසක් කළ විමසීමකට පිළිතුරු ලෙස විජේවර්ධන මහතා මේ අදහස් ප්‍රකාශ කොට ඇත.

1975 අගෝස්තු 04 දා උපත ලැබූ රුවන් විජේ වර්ධන මහතා මේ වනවිට 45 වන වියේ පසුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *