එජාපයට නව නායකයෙක් – රනිල් ඉවත්වීමට සුදානම්

එක්සත් ජාතික පක්ෂ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ ගේ අවධානය යොමු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග කියයි.

අද උදෑසන රනිල් වික්‍රමසිංහ සමග එජාප පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රුවන් විජේවර්ධන මහතාට භාර දීම කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ අවධානය යොමු කරවා ඇති බව වාර්තා වෙයි.

ලබන සදුදා හා අගහරුවාදා මේ පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා පවත්වා බදාදා වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද එකී ආරංචිමාර්ග වැඩි දුරටත් සඳහාන් කර සිටියි.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *