මහින්දගේ අයට විතරක් ඡන්දය දෙන්න.. මෛත‍්‍රිපාලටත් ඔහුගේ අයටත් ඡන්දය දෙන්න එපා..- ඇමති ප්‍රසන්න රණතුංග

මෙවර මහ මැතිවරණයේ දී මහින්ද අතහැර නොයන අයට පමණක් ඡන්දය දෙන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජනතාවගෙන් ඉල්ලයි.
ඔහු අවධාරණය කරන්නේ තනතුරු, වරප්‍රසාද හා මුදලට විකිණී මහින්ද අතහැර යන අය පාර්ලිමේන්තුවට පත් නොකළ යුතු බවයි.
රටට කළ විනාශය නිසා මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට ඡන්දය දී නැවත පාර්ලිමේන්තුවට නොඒවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසු ඇමතිවරයා ඔහු නැවත පාර්ලිමේන්තුවට පත් කීරීමේ පාපයට පොළොන්නරු ජනතාව මෙවර හවුල් නොවනු ඇතැයි ද කීවේය.
බිංගිරිය, රන්තැටියාව, රන්තරු උත්සව ශාලාවේ ඊයේ (15) පැවති රැස්වීමක දී ඇමතිවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම දැනුවත් කරමු – යළිත් අපි නැගිටිමු රැස්වීම් මාලවේ බිංගිරිය ආසනයේ රැස්වීම වූයේ මෙයයි.
