හිටපු ඇමති රාජිතට ඇප : දින නියමයක් නැතිව රිමාන්ඩ් කරන්න බෑ – මහේස්ත්‍රාත් කියයි

සුදු වැන් මිනීමැරීම් පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළයි අත් අඩංගුවට ගෙන මෙතෙක් රිමාන්ඩ් භාරයේ තබා ගෙන සිටි හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කළේය .
රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට නියම කෙරිණි .
රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන වැරදි සියල්ල ඇප දිය හැකි වැරදි බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා ඔහුට ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රබල කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවද සඳහන් කළේය.
සැකකාර ඇමතිවරයා අධිකරණය මගහැර යාමට උත්සාහ කළ බවට පැමිණිල්ලෙන් මතුකළ විරෝධය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා එම වරදි කිසිවක් නිසා සැකකරු දින නියමයක් නැතිව රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන්නේ ය.
