සහල් සටනින් ඩඩ්ලිට ජය ! අද රෑ සිට පාලන මිල ඉහලට
සහල් සඳහා වන පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහල දැමීමට රජය කටයුතු කොට ඇත.
ඒ අනුව කිලෝවක් රුපියල් 90 ලෙස පැවති පාලන මිල නාඩු කිලෝවක් රුපියල් 96 ක් හා සම්බා කිලෝවක් රුපියල් 98 ක් ලෙස සංශෝධනය වෙයි.
කීරි සම්බා කිලෝවක මිල රුපියල් 125 කි.
රජයේ සහතික මිලට සහල් දිය නොහැකි බව මෝල් හිමියන් ප්‍රකාශ කිරීම නිසා මෙම මිල ඉහල දැමීම සිදුකොට තිබේ.
සහල් ප්‍රශ්නය පසුගිය දිනවල පොළොන්නරුවේ රෝෂාන් රණසිංහ හා ඩඩ්ලි සිරිසේන අතර සටනක් බවට පත්ව තිබිණි. එම සටනින් ඩඩ්ලි සිරිසේන මහතාට ජය අත් වී ඇති බව පෙනෙන්නට තිබේ.
