රාජිතගේ ඇප අවලංගුයි ; රිමාන්ඩ් කරන්න නියෝග

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබීම අවලංගු කළ මහාධිකරණය සේනාරත්න මහතා රිමාන්ඩ් කිරීමට නියෝග කළේ ය.

සේනාරත්න මහතාට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිතුමා ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව දෙමින් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

ජනාධිපතිවරණ සමයේ රාජිත සේනාරත්න මහතා සංවිධානය කළ සුප්‍රසිද්ධ සුදු වෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල කොට තිබේ.

එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ සුදු වෑන් අපරාධකරුවන් දෙදෙනා ද මේ වනවිට රිමාන්ඩ් භාරයේ සිටින්නේ සුදුවෑන් යොදාගෙන කළ මංකොල්ලකෑම් හා අපරාධ 13 කට චෝදනා ලබමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *