ඊයේ දිනයට කොරෝනා ආසාදිතයන් 20 යි ; 19 ක් නාවීක හමුදා පොකුරෙන්
ඊයේ රාත්‍රී තවත් ආසාදිතයින් 10 ක් හමුවීමත් සමග ඊයේ හමු වූ ආසාදිත සංඛ්‍යාව 20ක් බවට පත්වීය .
ඔවුන් අතරින් 17 ක් නාවික හමුදා සෙබළුන් වූ අතර තවත් දෙදෙනෙක් නාවික භටයන් ඇසුරු කළවුන් ය. ඒ අනුව වැලිසර නාවික හමුදා පොකුරෙන් හමු වූ ආසාදිතයන් සංඛ්‍යාවට තවත් 19ක් එක්වීය.
ඊයේ හමු වූ 20 දෙන සමග මෙරටින් හමුවූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 889ක් බවට පත්වීය.
