ප්‍රගීත්ට එල් ටී ටී ඊ සබදතා තිබුණේ නැහැ – රහස් පොලිස් පරීක්ෂණයෙන් තහවුරු වෙලා

අතුරුදන් කල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩට කෝටි සංවිධානය සමග කිසිදු සබදතාවක් නොවූ බව තම පරීක්ෂණ වලින් තහවුරු වී ඇති බව රහස් පොලිසියේ අපගේ ආරංචි මාර්ග කියයි . ඔහු පැහැරගත් කණ්ඩායමට පවරා  ඇත්තේ සරත් ෆොන්සේකාගේ මැතිවරණය සදහා ඔහු විසින් ලියන ලද “පවුල් ගස” නම් ලියවිල්ල හා වීඩියෝ  පටයක් සම්බන්දයෙන්  පරීක්ෂා කිරීමටය  . එම පරීක්ෂණයේ  තොරතුරු ඉහලට වාර්තා කල පසු ඔහු ඝාතනය කිරීමේ නියෝගය ලැබී ඇත . ඒ වනවිට මැතිවරණ ප්‍රතිපල නිකුත්වී ජෙනරාල් ෆොන්සේකා ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කොට තිබිණි .

මෙම සියලු  තොරතුරු සොයාගෙන පරීක්ෂණ බොහෝ දුරට අවසන් කොට ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *