සිරිසේන පඹයෙක් කරන, දයාන්ගේ තියරිය වැඩ කරයි ද?
මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තුළ පඹයෙකු බවට පත් ක්ිරීමේ සැළසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් යුක්තියට දැනගන්නට ඇත. මේ යෝජනාවේ න්‍යායධරයා දයාන් ජයතිලක වන අතර ජී. එල්. පීරිස්, වාසුදේව නානායක්කාර හා මහින්ද රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම ඇතුළු පිරිස දයාන්ගේ එම යෝජනාව දැනටමත් භාරගෙන ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට තිබේ.
මේ සැළසුමට අනුව සිරිසේන මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ඉන්නට ඉඩහල යුතු අතර පලාත්පාලන මැතිවරණයේ මෙහෙයුම් කටයුතු මහින්ද රාජපක්ෂ අතට ලබාගත යුතු ය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අයත් පලාත් පාලන නියෝජිතයින් හරහා එම මැතිවරණයේ මෙහෙයුම් කටයුතු මහින්ද රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස බලපෑමේ එන්නේ එකී සැළසුමට අනුව ය. පලාත් පාලන මැතිවරණය පොදු ජන සන්ධානයට ජයගතහැකි වූවහොත්, එම ජයග්‍රහණය නිතැතින්ම රාජපක්ෂට හිමිවන බව ද ඒ මගින් සිරිසේන මහතා පක්ෂය තුළ නිකමෙකුගේ තත්වයට පත්කිරීම මේ සැළසුමේ ඊ ළග පියවර බව ද කියැවේ.
ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නතර කරගැනීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මෙහෙයවා ගැනීම ද මේ සැළසුමේ කොටසක් බව දැනගන්නට ඇත. නව ව්‍යවස්ථාවක් සම්පාදනය නොකර පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීම තුළ නැවත බලයට පත්වී මහින්ද රාජපක්ෂට අවශ්‍ය පරිදි එය සකස්කර ගැනීම ඔවුන්ගේ සැළසුම බව ද දැනගන්නට ඇත.
