GMOA ළදරු වලිප්පුවට විශේෂඥ වෛද්‍ය විරෝධය

කොරෝනා හෙවත් කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවිධ නිවේදන හා ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව තුළ අනියත බියක් හා සැකයක් ඇතිකිරීමට උත්සහ දැරීම ගැන විශේෂඥ වෛද්‍යවරුන් කෝපය පලකොට ඇති බව දැනගන්නට ඇත.
විශේෂයෙන් ම , රැපිඩ් ටෙස්ට් නම් පරීක්ෂණයක් ගැන මාධ්‍යයට විවිධ ප්‍රකාශ කරමින් එම පරීක්ෂණ නොකිරීම ගැන නම් ගම නොකියා විශේෂඥ වෛද්‍යවරුන්ට දොස් පැවරීම එම වෛද්‍ය වරුන්ගේ කෝපයට හේතු වී තිබේ.
මෙම රැපිඩ් ටෙස්ට් ක්‍රමය කොවිඩ් 19 සදහා සදුසු නොවන බව මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් කරුණු සහිතව තහවුරු කොට ඇත.
ඉදිරි දිනවල විශාල රෝගී සංඛ්‍යාවක් එකවර මතුවීමේ හැකියාවක් ගැන වෛද්‍ය සංගමය කියන කතාව ගැනද, එනිසා වහා ම පරීක්ෂණ වැඩිකළ යුතු බවට වෛද්‍ය සංගමය කියන කතා ගැන ද තතු දත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ පිළිගැනීමක් නැත.
විශේෂඥ වෛද්‍යවරු කියන්නේ විවිධ නියැඳි ලෙස දැන් දිනකට කරන පරීක්ෂණ 300ක් පමණ ප්‍රමාණයෙන් රෝගීන් හමුවන්නේ හතර පස් දෙනකු බව හා ඔවුන් ආසාධිතයන් කෙලින්ම ඇසුරු කළ උදවිය වන බවයි. මෙම දත්ත අනුව තවමත් රෝගීන් සමාජය තුළ නැති බව පෙනී යන හෙයින් මේ මොහොතේ පරීක්ෂණ වැඩිකිරීම ක්‍රමවත් සැලසුමක් ඇතුව සිදු කළ යුතු බව ඔවුන් ගේ මතය වී තිබේ.
