කොටස් වෙළෙදපොළට ඊයේ රුපියල් කෝටි 10,300ක පාඩුවක්

කොළඹ කොටස් වෙළෙදපොලේ ඊයේ සිදුවූ විශාල පසුබැස්ම නිසා රුපියල් කෝටි 10,300ක් (බිලියන 103ක් ) පාඩු ලබා ඇති බව වාර්තාවෙයි

ඊයේ උදේ ගනුදෙනු ආරම්භ කළ අවස්ථාවේ කොටස් මිලෙහි විශාල කඩා වැටීමක් පෙන්නුම් කළ නිසා කොටස් වෙළෙදපොලේ ගනුදෙනු නවතා  දමනු ලැබී ය . පසුව යලිත් ගනුදෙනු ආරම්භ කළ ද සියලු කොටස් මිල දර්ශක වල පහළ වැටීමක් දක්නට ලැබිණි.

ඊයේ දිනයේ කොටස් මිල ගණන් වල සිදු වූ  පහත වැටීම වසර අටකින් පසුව සිදු වූ වැඩිම මිල පහත වැටී ම ලෙස වාර්තා වෙයි.

ඊයේ උදේ කොටස් වෙළෙද පොළේ සිදු වූ අකාරයේ එකවර කඩාවැටීමක් මීට පෙර වාර්තා වී ඇත්තේ 2010 ඔක්තෝබර් 12 දා ය.

රටේ දේශපාලන අරාජිකත්වයක් පැවති දින 52 ආණ්ඩුව සමයේ හෝ පාස්කු ප්‍රහාරයෙන් පසුව හෝ පවා කොළඹ කොටස් වෙළෙඳපොළේ මෙබදු පසුබෑමක් වාර්තා වුයේ නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *