සජිත් පිල අලියත් ඉල්ලති

සජිත් ප්‍රේමදාස මහතා ගොඩනගා ඇති සමගි ජාතික සන්ධානයට අලියා ලකුණින් මැතිවරණය තරග කිරීම සදහා එක්සත් ජාතික පක්ෂය තම පක්ෂ ලකුණ ලෙස මෙතෙක් භාවිත කළ අලියා ලකුණ අතහැරිය යුතු බවට අවසන් කොන්දේසියක් සජිත් පිලෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි .
එලෙස එජාපය අලියා ලකුණ අත් නොහරින්නේ නම් හදවත ලකුණින් මැතිවරණයට තරග කිරීමට එම කණ්ඩායම තීරණය කොට ඇත .
කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ හදන පෙරමුණ 2015 දී අලියා ලකුණින් තරග කළ පිරිසම නිසා එදා ලෙස ම අලියා ලකුණින් තරග කිරීමට කිසිදු බාදාවක් නැති බවයි . ඒ සදහා එජාපය පක්ෂ ලාංචනය අතහැරිය යුතු යයි කීම පිළිගත නොහැකි බව වික්‍රමසිංහ මහතා කියා ඇත .
