අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දියාවේදී බලය බෙදයි .

ඉන්දියාවේ සංචාරයක යෙදුනු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් මේ රට දෙමළ  ජනයාට ලබාදෙන බවට නැවත වරක් ඉන්දීය නායකයන්ට පොරොන්දු වී ඇති බව වාර්තා වේයි.

මේ ගැන ‘ද හින්දු’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු ලෙස අගමැතිතුමා කියා ඇත්තේ බලය බෙදීමේ අදහස කිසිසේත් අතහැර නැති බව යි . මෙරට සුළු ජාතික පක්ෂ සමග සාකච්ඡා කර දෙමළ  ජනයාගේ ප්‍රශ්නයට විසදුම් ලබා දීමට සදහා  බලය බෙදීමට තම රජය සුදානම් බව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත .

ඉන්දියාවේ දින පහක සංචාරයක යෙදුනු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය නායකයන්ගෙන් ඉල්ලා සිටියේ එ රටින් ගෙන ඇති ණය ගෙවීමට වසර තුනක සහන කාලයක් ලබාදෙන ලෙසයි . එනම් එම ණය වාරික වසර තුනක් නොගෙවා සිටීමට ඉඩ දෙන ලෙසයි .

එම ඉල්ලීමට එකග වීමට ඉන්දියාව තම කොන්දේසි ඉදිරිපත් කරන්නට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *