එජාප සාකච්ජා අසාර්ථකයි – තීන්දුව තවත් සතියකින් පස්සට – අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා 16 සන්ධ්‍යාවේ සිට රාත්‍රිය වනතෙක් සාකච්ජා පැවැත්  වුවද නිශ්චිත තීන්දුවකට පැමිණීමට නොහැකි වී තිබේ.

එය එජාප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේ එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සිකුරාදා දින ගැනීමට නියමිත අතර ඊට රනිල් වික්‍රමසිංහ මහතාත්, සජිත් ප්‍රේමදාස මහතාත් සහ කබීර් හෂීම් මහතාත් එකඟ වී තිබෙන බවයි මහලේකම්වරයා සදහන් කළේ. 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාත්, කරු ජයසූරිය මහතාත්,සජිත් ප්‍රේමදාස මහතාත් එක්ව ඒ පිළිබඳ අවසාන තීන්දුවකට පැමිණෙනු ඇති බවයි හෙතෙම පැවසුවේ. 

සජිත් ප්‍රේමදාස  මහතාව බහුතරයකගේ කැමැත්ත මත නායකත්වයට පත් කරගත් බවට කර තිබෙන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවද අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *