සහන දෙන්න බහුතරේ ඕනෙ නෑ, 2015 පඩි වැඩි කළේ ඉන්ධන මිල අඩු කළේ 44ක් තියාගෙන – රවී

පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් නොමැති වීම පිළිබඳව ආණ්ඩුව මැසිවිලි නැඟුවත් ජනතාවට සහන දීම සඳහා පාර්ලිමේන්තු බහුතර බලය යනු අත්‍යාවශ්‍යම කාරණයක් නොවන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

2015 වසරේදී තමන් මුදල් අමාත්‍යවරයා ලෙස විශාල සහන ප්‍රමාණයක් ලබාදුන්නේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ සහාය පමණක් ඇතිව බවයි ඒ මහතා සිහිපත් කළේ. 

“අපට මතකයි අපි 2015 ජනවාරි මාසෙ 08 වනදා. මං මුදල් ඇමතිවරයා වශයෙන් අපට මන්ත්‍රීවරුන් 44යි දුන්නේ. ඒකෙන් රුපියල් 10,000ක් පඩි වැඩි කරලා දුන්නා. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් අඩු කළා. සීනි, කිරිපිටි මිල අඩු කළා. විශ්‍රාම වැටුප නැවත ලබාදුන්නා. පොලිසියේ පඩි 40%ක් වැඩි කළා. මේ ඔක්කොම කළේ කිසිසේත්ම තුනෙන් දෙකක බලයක් තියාගෙන නෙවෙයි. 

තුනෙන් දෙකක් ඕනෙම නම් අපි ඒක ලබා දෙන්නම්” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති තෛපොංගල් උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *