බැඳුම්කර වංචා වාර්තා මැතිසබයට දෙන්නයි විපක්ෂය ඉල්ලයි

මහ බැංකු බැඳුම්කර ගනුදෙනු වල දී 2015 ට පෙර සිදු වී ඇති වංචා පළිබඳ තොරතුරු ඇතුළත් වෝහාරික විගණන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස විපක්ෂය ඊයේ කතානායක කරු ජයසුරිය මහතාගෙන් ඉල්ලීමක් කළේ ය. එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා කිවේ මෙම වාර්තා පාර්ලිමේන්තුවට ලැබී ඇතත් මන්ත්‍රීවරුන්ට ලබා දී නැති බවයි . ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීමත් සමග කෝප් කමිටුව ද බල රහිත වී ඇති නිසා මෙම වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස හර්ෂ ද සිල්වා මහතා ඉල්ලා සිටියේය .

මහ බැංකුව විසින් ස්වාධින ආයතන ලවා සිදුකරන ලද වෝහාරික විගණන වාර්තා පහක් මගින් බොහෝ තොරතුරු හෙළිදරවු කොට ඇති බව කී රවී කරුණානායක මන්ත්‍රීවරයා කිවේ එම තොරතුරු දැනගැනීමට මන්ත්‍රීවරුන්ට අයිතියක් ඇති බවයි . 

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ මෙම ඉල්ලීම පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්චා කොට තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසුරිය මහතා සභාවට දැනුම් දුන්නේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *