වෙනත් පක්ෂයකින් නාම යෝජනා දුන්නොත් ගෝඨාභය ප්‍රතික්ෂේප වෙනවා! – මහින්ද රාජපක්ෂ

‍හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි ජනපතිවරණයේදී පොහොට්ටුව හැර වෙනත් ලකුණකින් තරඟ කිරීමට නීතිමය බාධාවක් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පැවසුවේය. ඔහු මේ පිළිබදව ප්‍රකාශ කළේ පැපිළියාන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

“මෙයා ඇමතිවරයෙක් නෙමෙයි. පාර්ලිමේන්තුවේ ඉඳලා නෑ. ඉතින් පක්ෂයකින් තරඟ කරන්න ඕනෑ. පක්ෂයකින් නාම යෝජනා දී තිබෙද්දි තව පක්ෂකින් නාම යෝජනා දුන්නොත් මෙයා අධිකරණයට යනවා. එතකොට ප්‍රතික්ෂේප වෙනවා” යනුවෙන් ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *