සජිත් පිලේ උද්ඝෝෂණ අවසන් !
ඊයේ (17) දා උදේ මංගල සමරවීර මහතාගේ නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ සියලු උදේඝෝෂණ අවසන් කර ඇති බව වාර්තාවෙයි. රට වටා රැස්වීම්, අරලියගහ මන්දිරය වැටලීම, විරෝධතා ලිපි අසන් කිරීම ආදිය ගැන තිබූ සියලු තර්ජන ගර්ජනද ඒ සමග අවසන් කොට ඇත.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග පසුගියදා සජිත් සජිත් ප්‍රේමදාස මහතා කළ සාකච්ඡාවත් එහි ප්‍රතිඵල ලෙස එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ හා දෙමළ ජාතික සන්ධානය සමග කළ සාකච්ඡාවලත් ප්‍රතිඵල ලෙස මෙම තත්ත්වය ඇති වී තිබේ.
තමන්ට බහුතරයකගේ සහය ඇති බවට කරන ප්‍රකාශ හැරුණු විට තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීමෙන් ද සජිත් පිලේ ආධාරකරුවන් වැළකී සිටින බව පෙනෙනන්නට ඇත.
