විමලේ සහ හූනා – නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

හුනන් නම් කිරීමක් ගැන යටිගිරියෙන් කැගසා මොලයේ ප්‍රමාණය රටටම ප්‍රකාශ කර නිවෙසට යාමට පාර්ලිමේන්තුවෙන් එලියට එන අතර විමල්ගේ ඇඟට හුනෙක් පතිත විය. වහා ගසා දමා විමලේ නැවතත් පාර්ලිමේන්තුව තුලටම දිව්වේ පසුගිය ජනාධිපතිවරණයට බැසිල් විසින් මුද්‍රණය කර බෙදා හරින ලද ලිතක් හොයාගෙන හුනන් ඇඟට වැටීමේ පලාපල බලා ගන්නටය.
ලිත් මිටිය පෙරලමින් විමලේ ඵලාඵල සොයමින් සිටියදී, කවුරුන් හෝ නම කියා කතා කරනු ඇසී වටපිට බැලූ නමුත් කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. විමලේ නැවතත් ලිත පෙරලන අතර නැවතත් නම කියා කතා කරනු ඇසුනි. වටපිට බැලූ නමුත් කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත.
මොනවද විමලේ ලිත් වල බලන්නේ මරු සිටින දිශාව ද? රාහු කාලය ද? අලුත් පෙරමුණට නම තියන්න සුභ අක්ෂරයක්ද? කියා නැවත අසනු ඇසුණු බැවින් විමලේ නැවත වට පිට බැලුවේය. ඇඟට වැටුනු හුනා තවමත් කමිස කොලරයෙන් ඉන්නා බව ඔහු දුටුවේ එවිටය.
හූනන්ගේ ප්‍රශ්නෙන් ලේසියෙන් ගැලවෙන්නට බැහැ වගේ යැයි සිතමින් ම විමලේ, හූනො උඹ මොකක්ද? මෙතන කරන්නෙ කියා හුනාගෙන් ඇසුවේය.
මට ඔබතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න තියෙනවා කියා එවිට හුනා කිවේය.
මොකද්ද? ප්‍රශ්නේ කියා විමලේ ඇසුවේය.
අපේ ප්‍රශ්නයක් කියා හුනා උත්තර දුන්නේය.
අපේ ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද? කියා විමලේ ඇසුවේය
අපේ ප්‍රශ්න කියන්නේ හුනන්ගේ ප්‍රශ්න. කෙටියෙන් කිව්වොත් මේක හූනු ප්‍රශ්නයක් කියා හුනා කීවේය.
උඹ විතරක් නෙවෙයි හුනො මමත් මේ වෙලාවේ බරපතළ හූනු ප්‍රශ්න දෙකකට ම මුහුණ දීලා ඉන්නේ කියා විමලේ කිවේය.
මොකද්ද ? ඔබතුමාට තියෙන හූනු ප්‍රශ්න දෙක කියා හූනා ඇසුවේය.
එකක් හූනන් ඇඟ වැටීමේ ප්‍රශ්නයක්. අනෙක හූනන් නම් කිරීමේ ප්‍රශ්නයක් කියා විමලේ කීවේය.
ප්රශ්නය මොකක්ද කියා ඕනාහුනා ඇසුවේය.
ඇයි යකෝ හූනෝ උඹ දැන් මගේ ඇඟට වැටුණේ නැද්ද කියා විමලේ ඇසුවේය.
වැටුණා නෙවෙයි මම ඇඟට පැන්නා කියා හුනා කිවේය.
උඹ හරියටම අද මගේ ඇගට පැන්නේ මොකද? රනිල්ගෙ හරි සජිත්ගේ හරි මංගලගේ හරි ඇඟට පනින්නේ නැතුව කියා විමලේ කීවේය
ඔබතුමා එක්ක අපේ හුනු සංහතියට බරපතළ ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න තියනවා කියා හුනා කිවේය.
මොකක්ද? මගෙත් එක්ක තියෙන ප්‍රශ්නේ? මම හූනු සංහතියට කිසිම වැරැද්දක් කරල නෑ කියා වීමලේ කීවේය.
එහෙම කියන්නේ කොහොමද? ඔබතුමා අද පාර්ලිමේන්තුවේ හූනන්ට බරපතළ අපහාසයක් කළා කියා හුනා කිවේය.
මොකද්ද ?මම කල අපහාසය කියා විමලේ ඇසුවේය.
ඇයි අපි නැට්ට කඩාගෙන දුවන ජාතියක් කියල කිව්වෙ නැද්ද? කියා හුනා ඇසුවේය.
ඉතින් බොරුවක් ද? උඹලා නැට්ට කඩා ගන්නේ නැද්ද? මම පුංචි කාලේ උඹලගෙ නැට්ට කඩලා වලිගය තනියම නටන හැටි බලන් ඉඳලා තියෙනවා කියලා විමලේ කිවේය.
එතකොට ඔබතුමා ජේවීපි එකෙන් නැට්ට කඩාගෙන ඇවිත් කුරහන් සාටකේ වලිගේ එල්ලිලා ඉන්න එක හරි වැඩක් ද? කියා හුනා ඇසුවේය.
ඒව මල්ලි පොලිටිකල් ගේම් ඒත් ගෝඨයිම්බර නමින් උඹලගෙ එකෙක් නම් කරා කිව්වම මට මලපනින්නේ නැත්නම් වෙන මොන සුනඛයාට මලපනින්නද? කියා විමලේ ඇසුවේය.
අයියෝ විමලේ ඕවත් වැඩද? ගෝඨයිම්බර ගේ නමින් විතරක් නෙවෙයි, ගෝඨයිම්බරගේ බොසාගෙ නමිනුත් අපේ හාදයෙක් නම් කරලා තියෙනවා කියා හුනා කීවේය.
ගොටයිම්බරගේ බොසා කියන්නේ කාටද ?කියා විමලේ ඇසුවේය.
අයියෝ එකවත් දන්නේ නැද්ද? ගෝඨයිම්බර ගේ බොසා “ගැමුණු” හුනා කිවේය.
හත් ඉලව්වයි ගෝටයිම්බර කියන්නේ බස් කොන්දොස්තර කෙනෙක්ද? කියා විමලේ ඇසුවේය.
ගෝටයිම්බර බස් කොන්දොස්තර කෙනෙක්ද?අහන්නේ ඇයි?කියා හුනා ඇසුවේය.
ඇයි? එයා බස් ගැමුණුගේ ගෝලයෙක් නෙමේද? කියා විමලේ ඇසුවේය.
බස් ගැමුණු නෙවෙයි දුටුගැමුණුගේ ගෝලයෙක් කියා එවිට හුනා කිවේය.
මොකක් කිවා? අපේ දුටුගැමුණු රජතුමාගේ නමට හුනෙක් ඉන්නවා?ඒකා තම්බලා කන්න වටිනවා කියා විමලේ කිවේය.
හුනාද? කියා හුනා ඇසුවේ,හුනන් කෑවම කටේ කබර දාන බව මිනිසුන් කියනු අසා තිබු බැවින් විමලේගේ හැකර කටේ කබර දැම්මොත් අපුරුයි කියා යටි සිතින් සිතමිනි.
හුනා නෙවෙයි යකෝ, හුනට නම දැම්ම එකා කියා විමලේ කිවේය.
අයියෝ ඕක මොකද්ද? ලොක්කා ඔබාමාගේ නමටත් කුරුමිනියෙක් නම් කරලා තියෙනවා කියා හුනා කිවේය.
අම්මපා ඇත්තද?ඒ වැඩේ කරපු මිනිහට නම් මසුරන් දෙන්න වටිනවා කියා විමලේ කිවේය.අන්ස්ලම්ලට සුරන්ජන්ලට කල්පනාව නැහැනේ.කරන්න තියෙන වැඩේ නෙවෙයි කරන්නේ, දැන් ඔය කුරුමිනියට ඔබාමා කිව්වා වගේ ,මේ හොයාගත්තු හුනන්ට ගැමුණු ගෝටයිම්බර, නන්දිමිත්ර නොකියා එළාරගේ හමුදාවේ යෝධයන්ගේ නම් හරි පරංගි හමුදාවේ සෙන්පතියන්ගේ හරි නම් දාන්න තිබුනේ නැද්ද?අඩුම තරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්,ප්රභාකරන්,දරුස්මන් වගේ නමක්වත් තියන්න තිබුනා කියා විමලේ කිවේය.
ඒ වෙච්ච වැරැද්ද දැන් හදන්න අමාරුයි.හැබැයි ඔබතුමාගේ ඔය සටන දිගටම අරන් ගියොත් ලෝකේ කොහේ හරි තැනක ඔබතුමාගේ නමටත් සතෙක් නම් කරනවා සිකුරුයි කියා හුනා කිවේය.
අයියෝ, හුනන්ගේ කුරුමිනියන්ගේ නම් මටනම් එපා යයි විමලේ කිවේය.
ඒ ගැන වොරි වෙන්න එපා.හුනන්ගේ කුරුමිනියන්ගේ නම් වලට ඔබතුමාගේ නම තියන්නේ නැ කියලා සුවර් කියා හුනා කිවේය.
එහෙනම් මොකගේ නමද තියන්නේ? කියා විමලේ ඇසුවේය.
ඒ වැඩේට අලුත් හරක් විශේෂයක් හොයාගන්න තුරු ඉවසන්න වෙනවා කියා හුනා කිවේය.
විමලේ,තොගේ අම්…කියා හුනගේ නැට්ට නොව වෙන මොකද්ද අඹරන්නට උත්සහ කල නමුත් හුනා ඒ වනවිටත් විමලේට දිව පෙන්නමින් බිත්තිය මුදුනේ සිටියේය.
