මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් කෝටි 120ක් සජිත්ගේ ප්‍රචාරක වැඩට ? අගමැති නියමයෙන් පරීක්ෂණයක්

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෝටි 120ක පමණ මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සදහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කනු ලැබ ඇත.

අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන ඇත්තේ විදලිබල බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානයක මහතා විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුවය.

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා කැබිනට් රැස්වීමට පෙර පැවති රැස්වීමක දී රවී කරුණානායක මහතා විසින් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් කෝටි ගණනක විශාල මුදලක් අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් කෝටි 120ක පමණ මුදලක් අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව රවී කරුණානායක මහතා තහවුරු කළේය.

මෙම මදල වැය කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ගේ පෞද්ගලික ප්‍රචාරන කටයුතු සඳහායයි කියැවේ. ඒවා අතර භික්ෂූන් වහන්සේලා පිරිසකට දඹදිව යෑමේ පහසුකම් සැලසීම, වෙනත් පරිත්‍යාග කිරීම් ආදිය ද ඇතුළත් වන බව ආරංචි මාර්ග පවසයි. විවිධ පුන්‍යායතන වලින් සංස්කෘතික අරමුදලට දෙන ලද අරමුදල් ඒම ගිණුමට බැර වී නැති බව ද සැලවෙ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *