සුරක්ෂා වෙතින් මේවන විට සිසුන් 23,800කට මිලියන 1,150ක රක්ෂණ ප්‍රතිලාභ ගෙවා අවසන්

නිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් තහවුරු කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ පරමාර්ථයෙන් දිවයිනේ සියලුම ජාතික, පළාත්, පෞද්ගලික හා හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සිසුන් සඳහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය යටතේ මේ වන විට ප්‍රතිලාභ සඳහා හිමිකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 23,800ක් වන අතර රුපියල් මිලියන 1,150ක ප්‍රතිලාභ මුදලක් ගෙවා තිබේ. සිසු හා මව්පිය මරණ 4,000ක් සහ සහ සිසු රෝහල් ගතවීම් 19,500ක් මීට ඇතුළත්ය.

ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් දරුවන් ඒකවර රක්ෂණය කරමින් ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙල මගින් දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරුහා විපත් හමුවේ මව්පියන්ටත්, මව්පියන් අහිමිවීමක දී දරුවන්ට දරන්නට වන ආර්ථික පිරිවැය රජයට පවරාගෙන සිටින අතර, රටපුරා විසිරී සිටින විවිධ ආර්ථික මට්ටම්වල සිටින ඔනෑම මව්පියෙයෙකුට දරුවන්ගේ අසනීප තත්ත්වයක් හමුවේ ඉතා පහසුවෙන් අවශ්‍ය පූර්ණ ප්‍රතිකාර වෙත යොමුවන්නට මෙම රක්ෂණාවරණ වැඩපිළිවෛල හරහා ඉඩප්ස්තාව සලසා තිබේ.

අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව, මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කිරීමට සුවිශේෂි පියවර කිහිපයක් ගෙන ඇත.

රජයේ රෝහල්ගතවන දිනකට ගෙවන මුදල රුපියල් 1000/- සිට රුපියල් 3000/- තෙක් වැඩිකිරීම, බාහිර ප්‍රතිකාර යටතේ ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ (ඇස් කණ්ණාඩි) වැනි උපකරණ ලබාගැනීමේ හැකියාව, විශේෂඥ වෙද්‍ය සේවා ගාස්තු ලබාගැනීවේ හැකියාව, මුදල් ගෙවීමකින් තොරව රෝහල්ගතවීමේ හැකියාව සහ රුපියල් 200,000ඉක්මවන විට අමතර වැඩිවන මුදල පමණක් දැරීමට අවස්ථාව, අසාධ්‍ය රෝග අවාරණය, රෝහල් ගතවීමට පෙර දින 7ක් සඳහා සහ රෝහලෙන් පිටවු පසු දින 14ක් දක්වා බෙහෙත් ලබා ගැනීමේ හැකියාව ලබා දීම ඒ අතර ප්‍රමුඛ වේ.

මව්පිය වියෝවක දී හදිසි අණතුරු මරණ සඳහා පමණක් ලබාදුන් රක්ෂණ ප්‍රතිලාභය ස්වාභාවික මරණ, හදිසි අණතුරු මරණ යන සියල්ල ආවරණය කරමින් ලබාදීම. (සියදිවි නසාගැනීම් වැනි නීති විරෝධි මරණ හැර) මානසික ආබාධ, පෝෂණ ගැටළු යන අවස්ථාවන් ද ආවරණය කිරීම ද මෙවර සුරක්ෂා රක්ෂණාවරණයේ තවත් විශේෂත්වයකි.

සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ සඳහා අයදුම් කිරීමේ දි කළ යුතු වන්නේ, 0112369369 අංකයට හෝ 0113641555 අංකය ඇමතීම හෝ අලියාන්ස් ඉන්සුවරන්ස් ආයතනයේ ශාඛාවකින් හෝ කලාප අධ්‍යාපන කාර්යාලයකින්  අවශ්‍ය තොරතුරු ලබා ගැනීමයි. 2018 දෙසැම්බර් 01 වැනි දින සිට පසුගිය කාලයට අදාළව මෙතෙක් ප්‍රතිලාභ ඉල්ලුම් කර නොමැති සිසුන්ට ද මේ සදහා ඉල්ලුම් කළ හැකියි.

මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු www.moegov.lk අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් හෝ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරු පාය, බත්තරමුල්ල. යන ලිපිනයෙන් හෝ කළමණාකරු සුරක්ෂා රක්ෂණාවරණය, අලියාන්ස් ඉන්සුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය, නො.46/10, නවම් මාවත, කොළඹ 2. ලිපිනයෙන් ද ලබාගත හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *