ඇමරිකාව ශවේන්ද්‍රට ගහද්දි ගෝඨා නිහඬ ඇයි?
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයෙන් මතුවන විරෝධතා හමුවේ
පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ඔහුට සහය පලකරන විමල් විරවංශ හා උදය ගම්මන්පිල වැනි පක්ෂ නායකයින්ගේ ද සැකයට බඳුන්ව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
ගෝඨාභය රාජපක්ෂගේ ‘වියත්මඟ’ ඇතැම් ක්‍රියාකාරීන් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිචාරය දැඩිව හෙළාදැක ඇතත් ගෝඨාභය රාජපක්ෂ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප්‍රකාශයක් කර නොමැත.
ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාපති ධූරයට පත්කිරීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන ඇමරිකාව, එවැනිම චෝදනා එල්ලවී ඇති ගෝඨාභය රාජපක්ෂ ‘පොහොට්ටු’ පක්ෂයේ අපේක්ෂකත්වයට නම් කළ අවස්ථාවේදී විරෝධයක් මතු නොකිරීම ද සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවකට ලක්ව තිබේ. ”ශවේන්ද්‍ර සිල්වා හමුදාපති වුනාම කෑගහන ඇමරිකාව, ගෝඨාභය ජනාධිපති වෙන්න හදන එකට සද්දේ වහලා ඉන්නේ ඇයි ?” දැයි ද කාරණය එම මාධ්‍ය කතිකාව තුල සැකයක් මතු කරන්නේ, ගෝඨාභය ජනාධිපති කරවීමට ඇමරිකාව කුමන්ත්‍රණයක් කරන්නේ ද යන සැකයද මතුකරමිනි.
